සහල්වලට යළි පාලන මිලක් – පාරිභෝගික අධිකාරියේ අවධානය

161

වෙළෙඳපොළේ ඉහළ යමින් තිබෙන සහල් මිල පාලනය සඳහා ඉදිරියේදී නැවතත් පාලන මිලක් නියම කිරීමට අවධානය යොමුව ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ‘‘දිවයින’’ට ඊයේ (18දා) පැවසීය.

ඉදිරියේදී සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බැවින් සහල් සඳහා නැවතත් පාලන මිලක් නියම කරන ලෙස ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් රජයෙන් ඉල්ලීම් කර තිබිණි.

පවතින තත්ත්වය යටතේ වෙළෙඳපොළ සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවට ඉ`ගි පළව ඇති බවත් ඒ පිළිබඳව සහල් නිෂ්පාදකයින්ගේ සංගම් තමන් දැනුවත් කර ඇති බවත් සඳහන් කළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඒ අනුව නැවතවරක් සහල් සඳහා පාලන මිලක් නියම කිරීමට සිය අධිකාරියේ අවධානය යොමුව ඇතැයි වැඩිදුරටත් කියා සිටියේය.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment