සහල් ගණන් ඉස්සීම මාෆියාවක් –  තොග සඟවා  මවාපාන  බොරු බියක්

271

දෙසැම්බර් මාසය දක්වා රට තුළ සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නැතැයි ද, සහල් හිඟය මවාපෑ භීතියක් බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ඊයේ (12දා) ‘දිවයින’ට පැවසීය.

පසුගිය මාස් කන්නයේ සහ ඉදිරි යල කන්නයේ වී නිෂ්පාදනය ඉදිරි මාස 06 සඳහා ප්‍රමාණවත් බවත් මෙවර යල කන්නයේ හෙක්ටයාර් 465000ක වි වගාවට සැලසුම් කළ අතර සියයට 90ක වගාව අවසන් කර තිබෙන බවත් ඒ මහතා පැවැසීය.

2022/23 මාස් කන්නයේ වී අස්වනු මාර්තු මස අවසන් සතියේ සිට වෙළෙඳපළට ලැබෙන බව කී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා 2023 ජනවාරි සිට මාස දෙක හමාරක් සඳහා සහල් ආනයනය කිරීමට සිදුවනු ඇති බව පැවසීය.

සහල් ආනයනයට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගනු ඇතැයි කී ඔහු අනවශ්‍ය ලෙස වී තොග සහ සහල් තොග රැස්කර ගැනීමෙන් තොගවලට සිදුවන කෘමි හානිය, දුර්වර්ණ වීම සහ පුස්රෝග නිසා හානිය අවම කර ගැනීමට වී තොග විවෘත වෙළෙඳපළට නිකුත් කරන ලෙස සහල් නිෂ්පාදකයන්ගෙන් සහ වී තොග රැස් කරගෙන සිටින වෙළෙඳුන්ගෙන් හෙතෙම ඉල්ලීමක් කරයි.

වෙළෙඳපළ තුළ ඇති කර තිබෙන සහල් හිඟය මවාපෑමක් බවත් ජනතාව ඉන් දැඩි ලෙස අසරණ වී සිටින බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment