සහල් මාෆියාව පසුපස ඇත්තේ දේශපාලනයයි – ජනාධිපති මාධ්‍ය අංශය

254

මහා පරිමාණ වී මෝල් හිමියන් එකතුව සහල් මාෆියාවක් ඇතිකරන බවට චෝදනා කළ පිරිස් වර්තමානයේ ඔවුන් රැකීමට ඉදිරිපත්වීම තුළින් මේ සියලූ කි‍්‍රයා පසුපස ඇත්තේ දේශපාලනය බව ජනතාව වටහාගත යුතු යැයි වී මෝල් හිමියන්, සහල් ව්‍යාපාරිකයන් සහ සහල් හිඟය පිළිබඳ පැතිරෙන දුර්මත පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා විසින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

 හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය බලතල ප‍්‍රකාරව ‘‘මහජන ආරක්‍ෂණ පනත’’ යටතේ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය අගෝස්තු 30 නිකුත් කළ බව ඔබ දන්නවා. ජනතාවාදී ආණ්ඩුවක වගකීම දරමින් ජනාධිපතිවරයා විසින් පාරිභෝගික ජනතාව ආරක්‍ෂා කිරීමේ මූලික පරමාර්ථය ඇතුවයි මෙම තීරයට එළැඹියේ. ජන ජීවිතය යථාවත් කිරීමට අවශ්‍ය වී, සහල් සහ සීනි ඇතුළු පාරිභෝගික භාණ්ඩ බෙදාහැරීම, ඒ පිළිබඳව සම්බන්ධීකරණය සේම පුළුල් අධීක්‍ෂණය වෙනුවෙන් ඊට සමගාමීව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරුණා.

 ජනාධිපතිවරයා විසින් හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීම පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාව

 පසුගියදා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා. එහිදී එය වැඩි ඡුන්ද 81 කින් මහජන නියෝජිතයන් අතින් සම්මත වූ බවත් රටටම දකින්න ලැබුණා. පවතින කොවිඞ් වාතාවරණය පාලනය කිරීම වෙනුවෙන් රජය දැඩි අභියෝගයක් භාරගෙන සිටිනවා. ඒ වෙනුවෙන් රුපියල් බිලියන 500 කට වැඩි වැය බරක් අද වන විටත් දරා තිබෙනවා.

 මේ සියල්ලෙන් පෙන්නුම් කෙරෙන්නේ සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන ආකාරයට පවතින තත්ත්වයට මුහුණ දෙමින් ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජය ජනතාව වෙනුවෙන් කැපවී සිටින බවයි. ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණවලදී කිසිදු පාර්ශ්වයක් අගතියට පත්කරමින් කටයුතු කරන්න ජනාධිපතිවරයා කිසි විටෙකත් සූදානම් නැහැ.

 සහල් පිළිබඳ ගැටලූව සියලූ පාර්ශ්ව සමඟ සම්මුතියකට එළැඹ, විසඳීමටයි රජය මුල සිටම කටයුතු කළේ. ගොවියා, ව්‍යාපාරිකයා වගේම පාරිභෝගිකයාත් ආරක්‍ෂා කෙරෙන සාධාරණ ක‍්‍රමවේදයක් රජය අපේක්‍ෂා කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන පෙළේ වී මෝල් හිමියන් සමගත් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළා. එකඟතාවයන්ට එළැඹුණා. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සේම විෂයභාර අමාත්‍යවරු ව්‍යාපාරික ප‍්‍රජාව සමඟ සාකච්ඡුා කළා.

 රජය ගොවියා ශක්තිමත් කිරීම සඳහා රුපියල් 30ට, 32 ට තිබුණ වී කිලෝව වෙනුවෙන් සහතික මිලක් නියම කළා. ඒ අනුව නාඩු සහ කැකුළු වී කිලෝවක් සඳහා රුපියල් 50 ක්, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 52 ක්, කීරි සම්බා කිලෝවක් සඳහා රුපියල් 55 ක් වශයෙන් මිල ගණන් නියම කෙරුණා.

 නමුත් එම සහතික කළ වී මිලට සාපේක්‍ෂව නොගැළපෙන පරිදි නාඩු සහල් කිලෝව රුපියල්  125 ක්, සම්බා සහල් කිලෝව රුපියල් 150 ක්, කීරි සම්බා සහල් කිලෝව රුපියල් 225 ක් දක්වා වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගිය අතර එමගින් පාරිභෝගිකයන් දැඩි අසරණභාවයට පත්වුණා.

 පීඩාවට පත් ජනතාවට උපරිම සාධාරණයක් ඉටුකිරීම උදෙසා ‘‘මහජන ආරක්‍ෂණ පනත’’ යටතේ පූර්ණ බලතල සහිතව පත් කෙරුණු අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කි‍්‍රයාත්මක වුණේ ඉන් අනතුරුවයි. ඒ අනුව, සම්බා සහල් කිලෝවක උපරිම මිල ලෙස රුපියල් 103 ක්, නාඩු කිලෝවක් සඳහා රුපියල් 98 ක්, කීරි සම්බා කිලෝවක් රුපියල් 125 ක්, කැකුළු සහල් කිලෝවක් සඳහා රුපියල් 95 ක් වශයෙන් එම පාලන මිල ගණන් ගැසට් කරනු ලැබුවා.

 ඉන් අනතුරුව රට මේ අවස්ථාවේ මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිගත් ව්‍යාපාරික ප‍්‍රජාව, රජය අපහසුතාවයට පත් කරන්නේ නැති බවටත් එකඟව කටයුතු කරන බවටත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නිකුත් කළ බව ඔබට මතක ඇති. නමුත් අවාසනාවකට රජය සමඟ වූ එකඟතා ඔවුන් වෙතින් පැහැර හැරුණා. ඒ අතරම පසුගිය දින කිහිපය වන විට මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් ඔවුන්ගේ දෛනික සහල් නිෂ්පාදන සහ බෙදාහැරීම් 50% කට වැඩි ප‍්‍රතිශතයකින් පහත හෙළනු ලැබුවා.

 කොවිඞ් වසංගතයට මුහුණ දෙමින් පීඩාවට පත් පාරිභෝගිකයාට මෙම තත්ත්වය දැරිය නොහැකි තරමේ අසාධාරණයක් බව සියලූ දෙනා පිළිගන්නා කාරණයක්. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කළ වැටලීම් වලින් 2021 සැප්තැම්බර් 08 දින පමණක් ප‍්‍රධාන වී මෝල් හිමියන් සතු සහල් ගබඩාවලින් රජයේ පාලන මිලට සහල් කිලෝ ග‍්‍රෑම් 807,375 ක් ලබාගෙන සතොසට භාරදී තිබෙනවා.

 මහා පරිමාණ වී මෝල් හිමියන් එකතුව සහල් මාෆියාවක් ඇතිකරන බවට චෝදනා කළ පිරිස්, වර්තමානයේ ඔවුන් රැකීමට ඉදිරිපත් වීම තුළින්ම, මේ සියලූ කි‍්‍රයා පසුපස ඇති දේශපාලනය ඔබට පහසුවෙන් වටහාගත හැකිවනු ඇත.

 කෙසේ නමුත් සුරක්‍ෂිත රටක් වෙනුවෙන් ජනතාව විසින් ලබාදුන් ජනවරම සහ විශ්වාසය තහවුරු කරමින් ජනතා සුභසිද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයාට ඇති බලතල ප‍්‍රකාරව තීන්දු තීරණ ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්, සෞභාග්‍යමත් රටක් ගොඩන`ගන බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි.

advertistmentadvertistment
advertistmentadvertistment