සහල් විතරක් දෙන්න බෑ: සතොස ශාඛාවකින් පාරිභෝගිකයකුට ගෝරනාඩු

302

නාඩු සහල් කිලෝ තුනක් ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයකුට සහල් පමණක් ලබාදීමට නොහැකි බව සතොස සේවකයන් පැවසීම නිසා එම පාරිභෝගිකයා හා සතොස සේවකයන් අතර බහින්බස් වීමක් ඇති වී එම පාරිභෝගිකයාව සතොස සේවකයන් විසින් කොටුකර ගැනීමත් සමග මහා ගැටුමක් බවට පත්වී අවසානයේ එම පාරිභෝගිකයා සහල්වලට අමතරව එක්

ගිනිපෙට්ටියක් මිලදී ගෙන සහල් කිලෝ තුන රැගෙන ඉතාමත් කලකිරීමෙන් තම දරුවා ද රැගෙන ගියේ දෑස්වල කඳුළු වගුරුවමින්ය.

පොලොන්නරුව කදුරුවෙල ප‍්‍රදේශයේ එක් සතොස ශාඛාවකදී මෙම සිදුවීම සිදුවන විට එම පාරිභෝගිකයා සතුව තිබුණේ රුපියල් තුන්සිය තිහක් පමණ. ඔහුට අඩුම තරමේ සීනි 250ක් වත් මිලදී ගැනීමට නොහැකි වූ නිසා ගිනිපෙට්ටියක් මිලදී ගැනීමට මුදල් ඉතිරි වීමෙන් යාන්තම් හාල් කිලෝ තුන ගැනීමට හැකි විය. සහල් පමණක් ලබා නොදෙන ලෙස චක‍්‍රලේඛයක් ලබාදී ඇති නිසා මෙසේ කළ බව සතොස සේවකයන් අප කළ විමසීමකදී පැවසීය.

මනම්පිටිය – ජේ. ඒ. ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment