සහල් සීනි ගෑස් කිරිපිටි මිල වැඩි කරනවාද… තීන්දුව සඳුදා

210

වරායේ හිරවුණ ආහාර කන්ටේනර් නිදහස් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්

වරායේ සිර වී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24 දා) රැස්වූ ජීවන වියදම් කමිටු රැුස්වීමේදී උපදෙස් දී තිබේ.

අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් සූම් තාක්ෂණය ඔස්සේ ජීවන වියදම් කමිටු රැස්වීම ඊයේ (24 දා) රැස්විය.

ඒ අනුව මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ වරායේ හිරවීමට හේතුවී ඇති විනිමය ගැටලූවට මුදල් අමාත්‍යාංශය මැදිහත්වීමෙන් විසඳුම් ලබාදී ඒවා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇත.

වරාය තුළ සීනි, කඩල, මුංඇට, පරිප්පු, මිරිස්, සුදුලූනු, ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1500ක් වරායේ හිරවී තිබෙන බව ආනයනකරුවන්ගේ සංගමය ප‍්‍රකාශ කර තිබුණි.

වී, සහල්, සීනි, ගෑස්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් වෙළෙඳ පොළ තත්ත්වයන් මෙම රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවත්, ඒ පිළිබඳ වාර්තාව ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් දැන ගැනීමට ඇත.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment