සහල් හිඟයකට අනතුරු අඟවති

352

සහල් සඳහා පනවා ඇති පාලන මිල වෙනස් නොකළහොත් වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟය තවදුරටත් උග්‍ර වනු ඇතැයි සහල් වෙළෙඳුන් සහ මෝල් හිමියෝ අනතුරු අඟවති.

ඒ අතර පාලන මිලට වඩා සහල් අලෙවි කරන වෙළෙඳුන්ට පනවා තිබූ දඩය රජය රුපියල් ලක්ෂය දක්වා වැඩිකිරීම හේතුවෙන් තමන් සහල් වෙළෙඳාමෙන් ඉවත්වූ බව තවත් වෙළෙඳුන් පිරිසක් පවසති.

වෙළෙඳපොළ තුළ සහල් වැඩි මිලට අලෙවිවීමත් සමඟ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය දෙවැනිදා අතිවිශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ නාඩු සහල් කිලෝවක් රුපියල් 98ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 103ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 125ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment