සහශ්‍රයේ විචිත්‍රවත් පාපන්දු කෙළිය ඇරඹෙයි

196

පෙරේදා (20 වැනිදා) රාත්‍රිය විචිත්‍රවත්ය. ලෝකවාසී ජනතාවගෙන් හරි අඩක් පමණ වන බිලියන ගණනක් ජනතාව ඒ විචිත්‍රවත් බවට පෙම් බැන්දාහ. ඒ මොහොත උදාවන තෙක් ඇඟිලි ගනිමින් සිටියහ. කටාරයේ අල් බයිට් ක්‍රීඩාංගණයේදී ඒ විචිත්‍රවත් බව උදාවිය. 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වූ බව ලොවට හඬනඟා කීවේය. වසර ගණනක මහන්සියේ ප්‍රතිඵල ලොවට පෙන්වමින් දිගුහැරුණු ඒ සමාරම්භක උළෙල මනස්කාන්තය. සමාරම්භක උත්සවයේ අවස්ථා කිහිපයක් මෙහි දැක්වෙන ඡායාරූපවලින් පෙළ ගැස්වේ.

සහශ්‍රයේ විචිත්‍රවත් පාපන්දු කෙළිය ඇරඹෙයි

සමාරම්භක උත්සවයේදී ප්‍රකට නළු මොර්ගන් ප්‍රීමන් විසින් වේදිකාවට පැමිණ බලාපොරොත්තුව, එකමුතුකම සහ ඉවසීම පිළිබඳ දේශනයක් පවත්වන ලදි. ජංගම දුරකථනවල එළියෙන් ක්‍රීඩාංගණය එවිට ආලෝකවත් වෙමින් පැවතිණි.

සහශ්‍රයේ විචිත්‍රවත් පාපන්දු කෙළිය ඇරඹෙයි

මොර්ගන්ට පසුව රංගන ශිල්පීන් සහ ගායක ගායිකාවන් සිය ගණනක් අල්බයිට් ක්‍රීඩාංගණයේ වේදිකාවට ප්‍රවේශ වූ අතර ප්‍රේක්‍ෂකයන් වශීකෘත වන බෙරහඬ වාදනය වන්නට විණි. ප්ලීස් ඩෝන්ට් ටේක් මී හෝම්, සහ ඔලේ ඔලේ ගීත පසුබිමින් වාදනය වන්නට විණි.

අද පැවැත්වෙන තරග

ආර්ජන්ටිනාව සහ සෞදි අරාබිය (ප. ව. 3.30), ඩෙන්මාර්කය සහ ටියුනීසියාව (ප. ව. 6.30) මෙක්සිකෝ සහ පෝලන්තය (ප. ව. 9.30)

advertistmentadvertistment
advertistmentadvertistment