සහාය දුවන්නෝ වාර්තා හතරක් බිඳති

160

ජෝන් ටාබට් කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය

සිලෝන් බිස්කට් සමාගමේ ‘රිට්ස්බරි” අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන ලද “ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ ශූරතා” මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (29) නව තරග වාර්තා 04 ක් බිහි කිරීමට ක්‍රීඩකයන් සමත් වන අතරවාරයේ එක් තරග වාර්තාවක් සම කිරීමක් ද දක්නට ලැබුණි.

අවුරුදු 12 න් පහළ බාලක මීටර් 100 x 4 සහාය දිවීම තරගය තත්පර 54.5 කින් නිම කරමින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල ද වයස අවුරුදු 13න් පහළ බාලක මීටර් 100 x 4 සහාය දිවීමේ තරගය තත්පර 51.4 කින් නිම කරමින් වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විදුහල ද වයස අවුරුදු 15 න් පහළ බාලිකා මීටර් 100 x 4 සහය දිවීමේ තරගය තත්පර 51.6 කින් නිම කරමින් අඹගමුව මධ්‍ය මහා විදුහල ද වයස අවු 14 න් පහළ බාලක 100 x 4 සහය දිවීමේ තරගය තත්පර 47.5කින් අවසන් කරමින් වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල ද නව තරග වාර්තා බිහි කරමින් කැපී පෙනුණි.

මේ අතරවාරයේ වයස අවුරුදු 14න් පහළ බාලක මීටර් 200 ඉසව්ව ජයගනිමින් මහනුවර ත්‍රිත්ව විදුහලේ කේ.ජේ.ඩී.වයි.එස්. ජයසූරිය ප්‍රදර්ශනය කළ දක්ෂතාව තත්පර 25.6 කි. එය පැවති තරග වාර්තාව සම කිරීමක් ලෙස සටහන් වීම කැපී පෙනුණි. දින ත්‍රිත්වයකින් සැදුම්ලත් වූ මෙවර තරගාවලියේ අවසන් දිනය අදයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment