සහාය දෙන්නේ කාටද? ශ්‍රීලනිපයෙත් බෙදීමක්

356

පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළද බෙදීම් සිදුවී ඇති බවට වාර්තා වේ.

පක්‍ෂයේ කිසිවකු ඡන්ද විමසීමට සහභාගි නොවන බවට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ ද පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ වෙනම සාකච්ඡා කිරීම නිසා පක්‍ෂයේ එක මතයකට පැමිණ නැති බව පෙනී යයි.

මීට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටි මෑතකාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැති ිධුර දැරූ කිහිපදෙනෙකු ද රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන බවට වාර්තා වීම නිසා එම පක්‍ෂය බෙදීම් කිහිපයකට ලක්වී තිබෙන බව පෙනීගොස් ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment