සහෝදරයන් දෙදෙනකු මෙහෙයවූ සොර කල්ලියක කාන්තාවක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට… ලක්‍ෂ විසිපහක දේපළ සොයාගැනේ

220

එකම පවුලේ අයියා මලෝ දෙදෙනකු මෙහෙයවූ සොර කල්ලියක කාන්තාවක් සමග සැකකරුවන් සිව්දෙනකු සපුගස්කන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී අයියා අත් අඩංගුවට පත් වී සිටින අතර දැනට සැඟවී සිටින එහි ප‍්‍රධාන සැකකරු වන මල්ලී සමග තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

එම සොර කල්ලිය විසින් මෙම් වනවිට කොල්ලකන ලද ති‍්‍රරෝද රථ දෙකක් හා සොරකම් කළ ති‍්‍රරෝද රථයක් සොයා ගෙන තිබෙන අතර එම ති‍්‍රරෝද රථ තුන මීගහවත්ත, දොම්පේ හා මාබිම යන ප‍්‍රදේශවලින් කොල්ලකා තිබෙන ඒවාය. මොවුන් මීට අමතරව මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාලද කොල්ලකා තිබේ. තවද මොවුන් විසින් මාබිම ප‍්‍රදේශයේ වසා තිබූ නිවසකින් වර්ණ රූපවාහිනී දෙකක්, බපල් ඇතුළු විදුලි උපකරණ සමග නිවසේ ගාල් කර තිබු ති‍්‍රරෝද රථයක් ද සොරකම් කර ඇත.

ඒ අනුව එම සොර කල්ලිය විසින් මේ වනවිට කොල්ලකෑ දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ විසිපහක් පමණ වෙතැයි ගණන් බලා ඇත. මංකොල්ලකන රන්මාල උගස් කර තිබෙන්නේ අත්අඩංගුවට ගත් කාන්තාව බව පොලිසිය පවසයි. එම කාන්තාවට හෙරොයින් ජාවාරම් කිරිමේ චෝදනාවට අධිකරණයෙන් වරෙන්තු ද නිකුත් කර තිබේ.

සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුලසේකර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. අමරසේකර, සැරයන් ජයවර්ධන (12011, පො කො ලක්මාල් (82436, කුමාර (71453, ජීවන්ත (78311, චතුරංග (31805, අබේසිංහ (74265, අබේරත්න (88753, සංජීව (66884 හා කාන්තා පො. කො. සඳුනී (11168* යන නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඞී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment