සහෝදරියක බව අගවා දියණිය වික්ක මවට ඇප නෑ

433


 සිය සහෝදරියක බව හ`ගවා 15 හැවිරිදි සිය දියණිය මුදලට  ගණිකාවන් සපයන ජාවාරම්කරුවකුට ලබාදීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින 30 හැවිරිදි චමිලා ප‍්‍රියංගනි නමැත්තිය වෙනුවෙන් කළ ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම මහත්මිය ඊයේ (05) පස්වරුවේ ප‍්‍රතික්‍ෂේප කළාය.
 
 සිය සේවාදායිකාව මාස තුනක ගැබිනියක වන බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇය ඇප මත මුදාහරින ලෙසට එම සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් එම සැකකාරිය ඇගේ දියණිය එම නඩුවේ ප‍්‍රධාන සැකකරු වන ජාවාරම්කරුට ලබාදී ඇත්තේ ඔහු සිදුකරන ජාවාරම පිළිබඳ මනා වැටහීමක් ඇතිව බව පෙන්වා දෙමින් විමර්ශන සිදුකරන කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළාය.
 
 සැමියා අතහැර ගිය කාන්තාවක වන එම සැකකාරිය මේ වනවිට මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින රජිව් නමැති ජාවාරම්කරුට එම දැරිය භාරදී ඔහු සම`ග කිහිප දිනක් ගතකර පසුව වෙනත් පුද්ගලයකු සමග බණ්ඩාරවෙලට ගොස් ඇති බවත් රජිව් නමැති ප‍්‍රධාන සැකකරු එම දැරිය සම`ග නුවරඑළිය ප‍්‍රදේශයට ගිය පසු ඇය එහි පැමිණ එම සැකකරුගෙන් මුදල් ලබාගෙන ඇති බවත් විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ. එම සැකකාරිය 15 හැවිරිදි දැරියව එම සැකකරුට ලබාදී ඇත්තේ ප‍්‍රධාන සැකකරු මුදලට ගණිකාවන් සපයන ජාවාරම්කරුවකු බව අවබෝධයකින් යුතුව බවට විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු අනුව තම අධිකරණයට පෙනී යන බවත් එය ඉතා බරපතළ අපරාධයක් බවත් විවෘත අධිකරණය හමුවේදී පෙන්වාදුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය කෙසේ නමුත් වැඩිදුර විමර්ශන පවත්වා එම දැරිය මුදලට ගණිකා වෘත්තියේ යෙදවීම් ක‍්‍රියාවලියට ඇගේ ඇති සෘජු සම්බන්ධතාවය සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.
 
 මේ අතර එම දැරිය සම්බන්ධයෙන් දැන්වීම් පළකිරීම සිදුකළ වෙබ් අඩවිය නිර්මාණය කළ වෙබ් අඩවියේ හිමිකරු යැයි කියන රණසිංහ ආරච්චිගේ දුමින්ද සම්පත් නමැති මෘදුකාංග ඉංජිනේරුවරයා හා එහි මුදල් පාලක ලෙස කටයුතු කළ ධනුක කෞෂල්‍ය නමැති 35 හැවිරිදි සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීමද ප‍්‍රතික්‍ෂේප කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඔවුන් දෙදෙනා ලබන 19 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කළාය.
 
 එයට අමතරව එකී චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙරටට පැමිණි මාලදිවයින් ජාතික තරුණයකු සහ හෝටල් සේවකයෙකු ද ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය ඔවුන් දෙදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 16 වැනිදා ආවරණය කොට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
 
 වර්තමානයේ රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරනුයේ මාර්ගගත (ඔන්ලයින්) තාක්‍ෂණය ඔස්සේ වන බැවින් මෙවැනි ආකාරයෙන් දරුවන් නොමග යැවීමට රුකුල් දෙන වෙබ් අඩවි තාවකාලිකව හෝ තහනමට ලක්කිරීමේ ඉඩකඩ ඇති දැයි එහිදී අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විමර්ශන නිලධාරින්ගෙන් විමසා සිටියාය.
 
 වයස් භේදයක්, තරාතිරම හෝ ස්ත‍්‍රි පුරුෂභාවයක් නොසලකා එවැනි වෙබ් අඩවිවලට පිවිසීම් සම්බන්ධයෙන් වාසනාවට හෝ අවාසනාවට හෝ මෙම නඩුකරය ඔස්සේ හෝ අනාවරණය වීම එක්තරා පැත්තකින් යහපත් වන්නේ යැයිද පෙන්වාදුන් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය කුමන මට්ටමේ සිටින දෙමව්පියන් වුවත් තම රැුකියා සඳහා පිටත්වනුයේ තම දරුවන්ට මෘදුකාංග භාරදී බවද පෙන්වා දුන්නාය.
 
 ගරු අධිකරණය පෙන්වාදුන් කරුණු සම්බන්ධයෙන් තම කාර්යාංශය විසින් මේ වනවිටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කර ඇතැයිද විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.
 
 අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක එස්. සේනාරත්න මහතා එහිදී එකී වෙබ් අඩවි සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර කාන්තා හා ළමා කාර්යාංශයේ පොලිස් පරික්‍ෂක එස්. සමරනායක මහතා සම`ග එහි ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක මනෝජ් සමරසේකර මහතා පැමිණිල්ල මෙහෙයවිය.
 
 නීතිඥ තිසර චාමර, ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින්ද සිල්වා, දර්ශන වරාගොඩ නීතිඥ තුසිත ගුණසේකර ඇතුළු නීතිඥ මණ්ඩලයක් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment