සළඹ සලා කොපියක් නෙමෙයි – ටෂ්නි පෙරේරා

373

වික්ටර් රත්නායකයන් එක්ක සින්දුවක් කරනවා

රියැලිටි වේදිකාවෙන් කරළියට ආපු ටෂ්නි ගැන මේ දිනවල වැඩිපුර කතාබහ වෙන්නේ ‘සළඹ සලා. ගීතය එක්කයි. ඇයට ඇත්තටම කලා පසුබිමකුත් තියෙනවා. අපි එහෙම කිව්වෙ ඇගේ පවුලේ ආච්චිලා තුන්දෙනෙක්ම ළමා පිටියේ ගායිකාවෝ. ඒ විතරක් නෙමෙයි සීයත් ගායකයෙක්. අද දවසේ ඒ දේවල් ඉදිරියට ගෙනියන්න ටෂ්නි මොනවද කරන්නෙ කියල දැනගන්න අපි ඇයට මේ ඉඩකඩ වෙන් කළා.

සළඹ සලා කොපියක් නෙමෙයි - ටෂ්නි පෙරේරා

ටෂ්නි මොනවද තොරතුරු?

මේ දවස්වල ‘සළඹ සලා. වැඩකටයුතුවල තමයි නිරතවෙලා ඉන්නෙ. ඒක මගේ අලුතින්ම එළිදක්වපු ගීතය. කියන්න සතුටුයි” ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව. ඇත්තටම මම හරිම වාසනාවන්තයි. ඒ වගේම මගේ අලුත්ම ගීත නිර්මාණ කිහිපයක් තියෙනව ඉදිරියේදී එළිදක්වන්න. ඒ දේවල් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ.

සළඹ සලා මියුසික් වීඩියෝ එකට ලොකු මහන්සියක්” ලොකු කැපකිරීමක් සහ ලොකු මුදලක් වියදම් කළා. ඇත්තටම ඒ දේවල්වලට ප්‍රේක්‍ෂකයො ලොකු සාධාරණයක් කරල තියෙනව. මේ ගීතයේ පද රචනා කළේ සගා ගුරුගේ” සංගීතය සඳරුවන් ජයසිංහ” ඩී ජේ දිල්ෂාන් අමරසිංහ” කොරියෝ ග්‍රැෆි කළේ රෂික ප්‍රභාත්. මේ අයගෙ එකතුවෙන් තමයි මගේ ගීතය රසිකයන් රසවිඳින්නෙ.

සළඹ සලා කොපියක් නෙමෙයි - ටෂ්නි පෙරේරා

මෙවැනි ජනප්‍රියත්වයක් බලාපොරොත්තු වුණාද?

ඇත්තටම අපි ගොඩක් මහන්සි වුණේ ගීතය මේ තත්ත්වයට ගේන්න තමයි. ඇත්තටම මට හිතුන මේ ගීතය හිට් වෙයි කියල. ඒ විදිහටම” එහෙමත් නැත්නම් ඊට වඩා හොඳින් මේ ගීතය ජනප්‍රිය වුණා.

සළඹ සලා කොපියක් නෙමෙයි - ටෂ්නි පෙරේරා

මේ ජනප්‍රියත්වය අතරම අනෙක් නිර්මාණත් එළිදක්වන්නද අදහස් කරන්නෙ?

ගීත කිහිපයක්ම කරල තියෙනව. ඒ අතර විශේෂිත වූ නිර්මාණ කිහිපයකුත් තියෙනව. ඊළඟ මාසයේදී ඒ අතරින් එක ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. නමුත් සළඹ සලා වීව්ස් තියෙන නිසා අලුත් ගීතය එළිදක්වනවද නැද්ද කියන එක තවම තීරණය කරල නැහැ. බොහෝ දුරට ලබන මාසය අවසානයේදී දැකබලාගන්න පුළුවන් වේවි.

රියැලිටි තරගයකින් පටන්ගෙන පැමිණි ගමන ගැන කතා කළොත්?

මගේ ජීවිතයට රියැලිටි තරගයෙන් ලැබුණු එකම දේ මගේ ප්‍රේක්‍ෂකයො සහ ඒ අත්දැකීම. එතැනින් ලොකු පන්නරයක් ලැබුණ. මෙතෙක් පැමිණි ගමන ගැන කතාකළොත්” ඒ ගමනට ලොකුම ශක්තිය වුණේ මගෙ මහත්තය. මේ ක්‍ෂේත්‍රය තුළ මට නවතින්න හිතුන තැන් වගේම අතහරින්නත් ඕන වුණ තැන් තිබුණ. නමුත් ඔහුගේ බලකිරීම සහ ඔහුගේ  වුවමනාව මත තමයි මම මේ ගමන යන්නෙ.

සැමියාගෙන් තහංචි නැද්ද?

තහංචි නම් අද වනතුරු මට දාල නැහැ. මම දන්නව මගේ සීමාව මොකක්ද කියන එක. ඒ වගේම ඔහුත් මාව හොඳින් තේරුම් අරගෙන ඉන්නෙ. නමුත් එයා මට නීති රීති කිහිපයක් දාල තියෙනව. කොහොමද වැඩසටහනකට ගිහිල්ල කතා කරන්න ඕන වගේ දේවල් ඔහු පෙන්නල දීල තියෙනව මගේ වැරදි අඩුපාඩු හදාගන්න.

ප්‍රසංග වේදිකා වලට ලැබෙන ආරාධනා?

දැනට මාස කිහිපයකට කලින් ප්‍රසංග වේදිකාවට හොඳ ඉල්ලුමක් තිබුණ. නමුත් ඉන්ධන අර්බුදයත් එක්ක අපිට ගමනාගමනයේදී ගැටලු මතුවෙලා තියෙනව. ඒ හැරෙන්න ලැබෙන ආරාධනාවල නම් අඩුවක් නැහැ. යන්න එන්න පහසු තැනක් නම් ආරාධනා භාරගන්නව.

මේ ගමන්වලදි සැමියාත් ඔබ සමග එනව?

ඔව්” අනිවාර්යයෙන්ම. මම යන්නෙ කොහෙද ඔහුත් හෙවණැල්ල වගේ මං එක්කම එනව. ඔහු තමයි මාව මෙහෙයවන්නෙ. ඒක තමයි මගේ ශක්තිය.

ඔබේම සංගීත කණ්ඩායමක් පටන්ගත්තොත්?

මම හිතන්නෙ සංගීත කණ්ඩායමක්  පටන්ගන්නව කියන්නෙ ලොකු වගකීමක්. කරනවනම් ඒක හරියට කරන්න ඕන. මට ඒ වගකීම භාරගන්න බැහැ. මේ තනි ගමන ලේසියි” පහසුයි.

කලකිරීම්?

මගේ ජීවිතයේත් කලකිරීම් සහ පසුතැවීම් ගොඩක් තිබුණ. ඒ වගේම වැටුණ තැන් තිබුණ. ඒ අවස්ථාවන්වලදි උදව් කරපු අය ගොඩක් හිටිය. වැටුණ හැමතැනකදිම නැඟිටීම ඊට වඩා ප්‍රබලව තිබුණ. ඉතිං මම හිතනව වැටුණ එක හොඳයි කියල. එයින් මට යම් යම් දේ ඉගෙනගන්න වගේම ඒවාට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඇතිවුණා.

ජනප්‍රියත්වය ඔබට දැනෙන්නෙ?

සංගීතය කියන්නෙ මගේ පිනකට ලැබුණ දෙයක්. ඒක මම රැකගන්න ඕන. මගේ ප්‍රේක්‍ෂකයො තමයි මගේ පළවෙනි තැන. ඔවුන් නිසා තමයි ටෂ්මි කියල කෙනෙක් ක්‍ෂේත්‍රයේ ඉන්නෙ. මගේ ජනප්‍රියත්වය මට ගොඩක් වටිනව. ඒ ආදරය තවත් වැඩි කරගන්නයි උත්සාහ කරන්නෙ.

ඒකපුද්ගල ප්‍රසංගයක් කළොත්?

මේ තියෙන වාතාවරණයත් එක්ක ඒකපුද්ගල ප්‍රසංගයක් කරන්න අදහසක් නැහැ. මගේ ගීත තියෙන්නෙත් හතරයි. ඉදිරියේදී ඇතිවන තත්ත්වයත් එක්ක අපි බලමු.

සළඹ සලා ගීතයෙන් පස්සෙ රංගනයටත් ආරාධනා ලැබෙනව?

ඔව්” ඒ ගීතයෙන් පස්සෙ චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණ. එකක මගේ චරිතය ක්ලීටස් මෙන්ඩිස් මහත්මයාගේ දුව විදිහට රඟපාන්න තියෙනව කියලයි කිව්වෙ. නමුත් ඇත්තම කිව්වොත් මට රඟපෑමේ හැකියාවක් නැහැ. මොකද දෙබස් කියන්න මට අමතක වෙනව. නර්තනයට නම් යම් හැකියාවක් තියෙනව කියල හිතෙනව.

මේ අවස්ථාව මගහැරීම අපරාධයක්?

ගොඩක් දේවල් බදාගන්නවට වඩා තමන්ට පුළුවන් දේ කරල ඒ ඔස්සේ හිණිපෙත්තටම යන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ. ලංකාවේ ටෂ්මි පෙරේරා කියන නම අයිකන් එකක් විදිහට තියන එක සහ මාව ෆලෝ කරන්න මගේ ප්‍රේක්‍ෂකයාට හිතෙන විදිහට චරිතය ගොඩනගාගන්න එක තමයි මගේ ටාගට් එක.

‘සළඹ සලා. කොපියක්ද?

මේ ගීතය සඳරුවන් ජයසිංහගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් මිසක කොපියක් නෙමෙයි. මේ ගීතයේ තනුව අරාබි සංගීතයට හුරු නිසා සමහර අය මේක කොපියක් කියල හිතනව ඇති.

වික්ටර් රත්නායකයන් සමග කළ ගීතය?

ඒ ගීතයට එතුමා තවම හඬ මුසුකරල නැහැ. මගේ කොටස විතරයි කළේ. ඒ ගීතය එළිදක්වන දිනය එනතුරු මම පුදුම ආසාවෙන් බලාගෙන ඉන්නෙ. ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා අතින් ලියැවුණ ගීතයක් මගේ ආච්චිට දීල තියෙනව. ඒක ඇය මට දුන්නා. තනුව වික්ටර් රත්නායක මහත්මයාගෙ. ඒ ගීතයත් හොඳ අවස්ථාවක් බලල මියුසික් වීඩියෝ එකක් එක්කම එළිදක්වන්න බලාපොරොත්තු වෙනව වගේම ඒ වගේ අවස්ථාවක් හිමිකරගන්න තරම් මම වාසනාවන්ත වුණා.

ඔබේ ආච්චිලා තුන්දෙනා ගැනත් කියමු?

ඔව්” ඔවුන් තමයි ළමා පිටියේ ගායිකාවන් වන අයරින් ලියනගේ” නොයෙලින් ලියනගේ සහ බි්‍රජට් කුසුම් ලියනගේ. මගේ සීයා වික්ටර් දළුගම. ඔහුගේ ගීත වගේම ආච්චිලාගේ  ගීතත් තියෙනව. යම්කිසි දවසක ප්‍රසංගයක් කරන්න හිතුනොත් එදාට මගේ ආච්චිලත් එකතුකරගෙන ලොකු වෙනසක් කරනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment