ස්කොෂ් ශ්‍රේණිගත කිරීමේ ඉහළම තැනට ආ ලාංකිකයා රවිඳු

250

ස්කොෂ් ලෝක ශ්‍රේණිගත කිරීම් හි පිරිමි කාණ්ඩයේ නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව 197 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රවිඳු සමත් වී ඇති අතර ඒ පෙර සිටි 281 ස්ථානයේ සිට ස්ථාන 84ක් ඉදිරියට පැමිණෙමිනි.

ඒ අනුව රවිඳු ලෝක ශ්‍රේණිගත කිරීම් ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකු ලැබූ ඉහළම ස්ථානයට පැමිණීමට සමත් විය. පසුගියදා බංගලාදේශයේ ඩකා හිදී පැවැති 2 වැනි බංගබන්දු ස්කොෂ් තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාවද දිනා ගන්නට රවිඳු ලක්සිරි සමත් විය. “පී. එස්. ඒ. 5 කේ.” අභියෝග්‍යතා

තරගාවලියක ශ්‍රී ලාංකිකයකු ශූරතාවක් දිනූ පළමු අවස්ථාව ලෙසින් එය ඉතිහාසයට එක්විය. එම ජයග්‍රහණයත් සමගින් ශ්‍රේණිගත කිරීම් හි මෙලෙස ඉදිරියට පැමිණීමට රවිඳු සමත්ව තිබේ.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 30කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ අතර එහි පළමු සහ දෙවැනි වටවලදී රවිඳු පිළිවෙළින් බංග්ලාදේශයේ අබීද් මන්සාර් සහ ඉරානයේ සෙෆාර් එටමඩ්පූර්ව පරාජය කළේය. ඉන් අනතුරුව පැවැති අර්ධ අවසන් වටයේදී රවිඳු මැලේසියාවේ ඩන්කන් ලීව පරාජය කළ අතර අවසන් පූර්ව වටයේදී මැලේසියාවේ අමීර් අමිරුල්ව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

අවසන් මහා තරගයේදී රවිඳු, ඊජිප්තුවේ සිහාඩ් ඊබ්‍රාහිම් සමගින් තරග වැදුණු අතර එම තරගය වට 3-1ක් ලෙස ජය ගන්නට රවිඳු සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment