ස්ටාර් ගාමන්ට් සමූහය Great Place to Work සහතිකය හිමිකර ගනියි

329

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් නිෂ්පාදන ආයතනයක් වන, කටුනායක කේන්ද්‍ර කරගත් ස්ටාර් ගාමන්ට්ස් ආයතනය, සේවා ස්ථාන සංස්කෘතිය පිළිබඳව ගෝලීය වශයෙන් ඇගයීම් සිදු කරන Great Place to Work ආයතනයේ Great Place to Work සහතතතිකය දිනා ගැනීමට පසුගියදා සමත් විය.

සේවකයන්ට හිමිවන ඉහළ අවධානය සහ සැලකිල්ල මෙන්ම සේවකයන් සම්බන්ධයෙන් සමාගම අනුගමනය කරන මිත‍්‍රශීලී ප‍්‍රතිපත්තිය හා සහභාගිත්ව ප‍්‍රවේශය සලකා බලමින් මෙම සහතිකය පිරිනමා ඇත.

එහිදී සේවකයන් කෙරෙහි සමාගම අනුගමනය කරන ක‍්‍රියාපිළිවෙත ඇගයීම වෙනුවෙන් Trust Index සමීක්‍ෂණය සහ Culture Audit කළමනාකරණ ප‍්‍රශ්නාවලිය භාවිත කෙරිණි. එමගින් විශ්වාසනීයත්වය, සාධාරණත්වයට ගරු කිරීම, අභිමානය සහ සහෝදරත්වය වැනි ප‍්‍රධාන වටිනාකම් පහකට අදාළව සේවක අත්දැකීම් ඇගයීමට ලක් කරමින් මෙම සහතකය පිරිනැමිණි. සමීක්‍ෂණ ප‍්‍රතිඵලවලට අනුව ඉහත සඳහන් කළ වටිනාකම් පිළිබඳව ඉදිරිපත් වුණු සේවක ප‍්‍රකාශනවලින් සියයට 90ක්ම ධනාත්මක ප‍්‍රකාශනවීම කැපී පෙනෙයි.

සෑම සේවකයකුටම අධ්‍යාපනය සහ වර්ධනය ලගා කරගත හැකි රැකියා පරිසරයක් බිහිකිරීම කෙරෙහිද සමාගම විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ අනුව, ගෙවුණු දශක දෙකක කාලය තුළ, ස්ටාර් ගාමන්ට්ස් සමූහය දිවයින පුරා පිහිටි තම කර්මාන්තශාලාවල ජ්‍යෙෂ්ඨ ප‍්‍රධානීන් වෙනුවේන පුහුණු සැසි 1784ක් පවත්වා ඇති අතර ඊට වැඩ පරීක්‍ෂක පුහුණු සැසි 700ක්ද අයත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment