ස්ටාර් ලයිනර් අභ්‍යවකාශ යානය පෘථිවියට පැමිණීම 25 ට කල් යයි

117

අත්හදාබැලීමේ මෙහෙයුමක් සඳහා සතියක කාලයකට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනකු සහිත බෝයි ස්ටාර්ලයිනර් අභාවකාශ යානය නැවත පෘථිවියට ගෙන්වා ගනුයේ කලින් නිවේදනය කළ පරිදි මෙම 22 වැනිදා නොව 25 වැනිදා බව නාසා ආයතනය විසින් නිවේදනය කර තිබේ. ස්ටාර්ලයිනර් යානය මෙම 22 වැනිදා වන විට නැවත පෘථිවියට පැමිණෙන බව නාසා ආයතනය කලින් පවසා සිටියද අභ්‍යවකාශ යානයේ පවතින හීලියම් වායු කාන්දුව ඇතුළු ගැටලු කිහිපයකට පිළියම් යෙදීම සඳහා කල් ගතවන බැවින් එම යානය නැවත ගෙන්වා ගැනීම කල් දැමීමට සිදුව ඇති බව වාර්තා වී තිබේ.

අනෙක් අතට නැවත පෘථිවියට පැමිණ සිය නිවෙස්වලට යෑමට කැමැත්තෙන් සිටින අදාළ යානයේ ගගනගාමීන් දෙදෙනා වන සුනීතා විලියම්සන් බුච් විල්මෝර් ඊයේ (20දා) වන විටද අභ්‍යවකාශ යානය තුළට වී සිටි බව සී. එන්. එන්. පුවත් සේවය පවසයි. මේ අතර ගොඩබිම සිටින නාසා ඉංජිනේරුවරුන් විසින් ස්ටාර්ලයිනර් යානයේ පවතින දෝෂ හඳුනාගෙන ඇති අතර ඒවාට පිළියම් යොදමින් සිටින බව වාර්තා වී තිබේ. සතියක කාලයක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය අදාළ යානය මධ්‍යස්ථානය වෙත ළඟා වී ඇත්තේ ජුනි 06 වැනිදා වන අතර මේ වන විට එම යානය නැවත පෘථිවියට පැමිණීම තෙවරක් කල් දමා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment