ස්ටැන්ලි ජයවීර නම් වූ පරමාදර්ශී මිනිසා

194

ස්ටැන්ලි ජයවීර මහතා ජර්මානු ෆෙඩරල් ජනරජයේ ජනාධිපතිවරයා සමග (1985)

පියෙක් තම දියණියගේ අත තම ජීවිතයේ කෙටි කාලයකට අල්ලාගෙන සිටියි, නමුත් ඔහු ඇගේ හදවත

සදහට ම අල්ලාගෙන සිටියි 2022 පෙබරවාරි 04 වැනි දා මගේ පියාවන ස්ටැන්ලි ජයවීරගේ පස්වන ගුණ සමරුවයි. ලංකා මාතාවගේ සැබෑ දේශපේ‍්‍රමියකු වූ ඔහු ශී‍්‍ර ලංකාවට නිදහස ලබා වසර 69ක් සපිරෙන දිනයේදීම, අපෙන් සමුගැනීම විශේෂත්වයෙකි.

ඔහු අයත් වූයේ සාරධර්ම සහ ප‍්‍රතිපත්ති රකින, දැන් සොයා ගැනීමට අපහසු පරම්පරාවකටය. මගේ මතකයෙහි, ඔහු රැුඳෙන්නේ අවංක, සෘජු, නිර්භීත, කිසි විටෙකත්

ඔහුගේ හෘද සාක්ෂිය නියම කරන දේ කි‍්‍රයාත්මක කිරීමට අසමත් නොවන මිනිසකු ලෙසයි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, 1949 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේ ය. ඉගැන්වීමට දැඩි ආශාවක් තිබූ ඔහු විශ්වවිද්‍යාලයෙන් පිටව ගිය විගසම, ගුරු වෘත්තියට පිවිසියේය. එමගින් ඔහුට ඔහුගේ ජීවන සහකාරිය වන මාගේ මව හමුවිය. 1954 දී ඔහු ශී‍්‍ර ලංකා විදේශ සේවයට බැඳුණු අතර, ඔහුගේ රාජ්‍ය තාන්ති‍්‍රක ජීවිතය, කැප වී වසර 36ක් පුරා සිංගප්පූරුව, ඉන්දියාව, රුසියාව, පකිස්තානය සහ ජර්මනිය යන අපගේ ¥ත මණ්ඩලවල ද සේවය කළේය.

තම පරමාදර්ශී සහ ප‍්‍රතිපත්ති අනුව ජීවත් වූ මිනිසකු වූ ඔහු තම දරුවන්ට ඉගැන්වූ බොහෝ දේ ආදර්ශයන් විය. සරල බව ඔහුගේ පෞරුෂයේ ප‍්‍රධාන ලක්ෂණයක් වූ අතර අපි සාමාන්‍ය ශී‍්‍ර ලාංකික නිවසක ජීවත් වූ අතර ඔහු 1986 නිෂ්පාදනය වූ ඪදකනිඅ්ටැබ ඨදකෙ මෝටර් රථයක් පැදවීය. අපේ නිවස අවංක රාජ්‍ය සේවකයකුට කදිම නිදසුනක් බව අප නිවසට පැමිණි කිහිපදෙනකු පවසා ඇත.

ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ සියලූ දරුවන් අපේ මවු භාෂාව චතුර ලෙස හසුරුවාලීමට එබැවින් අප නිවසේ සිංහල භාවිත කිරීම අනිවාර්ය විය. ඔහු තානාපති ලෙස ජර්මනියට පැමිණිවිට තානාපති කාර්යාලයේ නාම පුවරු ඉංගී‍්‍රසි සහ ජර්මානු භාෂාවෙන් පමණක් තිබූ බව ඔහුට දක්නට ලැබිණි. සිංහල, දෙමළ සහ ජර්මානු භාෂාවලින් කියවීමට නව පුවරුවක් සවි කිරීමට ඔහු වහාම පියවර ගත් අතර, එය

ඔහුගේ පාලන සමයේ දී ශී‍්‍ර ලාංකීය ප‍්‍රජාව සමග වගා කළ යහපත් සබඳතාවලට පදනම විය. නිල උත්සවවල දී තම රට නියෝජනය කරනවිට ජාතික ඇඳුම අඳින බව ඔහු තරයේ විශ්වාස කළ අතර ජර්මනියේ ශීත සෘතුවේ දී පවා ඔහු සියලූම රාජ්‍ය උත්සව සඳහා ජාතික ඇඳුම පැළඳීය.

ඔහු සිය රාජකාරි කටයුතුවල දී ඉතා සූක්ෂම වූ නමුත් සිය කාර්යයන් සම්පූර්ණ කිරීමට වෙහෙස මහන්සි විය. ඔහුගේ කාර්යබහුල කාලසහන් තිබියදීත්, සෑමවිට ම ඔහුට ලැබෙන සියලූ සටහන්වලට හා ලිපිවලට ප‍්‍රතිචාර දැක්වීමට කාලය සොයාගත් අතර, සෑම පෞද්ගලික හෝ වේවා රාජකාරි හෝ වේවා සියල්ලන්ට ම අනිවාර්යෙන්ම පිළිතුරු සැපයීම ඔහුගේ පුරුද්දක් විය.

අඩු වරප‍්‍රසාද ඇති අය කෙරෙහි ඔහුට තිබුණේ අප‍්‍රමාණ අනුකම්පාවකි. ඔහු සාමාන්‍ය මිනිසාගේ වේදනාව හොඳින් වටහාගත් අතර ඔහුට හැකි සෑම ආකාරයකින්ම ඔවුන්ට උපකාර කිරීමට නොපැකිලි විය. තරාතිරම නොබලා ඕනෑම කෙනකු සමග ඇසුරු කිරීමේ හැකියාව ඔහුට තිබුණි. ආපසු පැමිණෙන විදේශ සේවා නිලධාරීන්ට තම දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා තමන් කැමති පාසලක් තෝරාගත හැකි වුව ද, කොළඹ ප‍්‍රභූ කවය සමග පමණක් නොව, සෑම තරාතිරමක දරුවන් සමග අප ඇසුරු කිරීමට හැකි විය යුතුය යන දැඩි මතයේ සිටි ඔහු, තම සියලූ දරුවන්ට රජයේ පාසල් තෝරා ගත්තේය. නිවසේ දී හෝ රැුකියාවේ දී ඔහු කිසිවකුට අනුග‍්‍රහය දක්වන බව කිසිදා දැකිය නොහැක. ඔහුගේ දරුවන්ට හෝ පවුලට කිසිම විටක දී මනා සැලකිල්ලක් නොලැබුණි. පිටස්තරයන්ට ලබාදුන් සැලකිල්ලම අපට ද ලැබුණි. ගෙදර දී වුණත් කිසිම දරුවකුට විශේෂ මනාපයක් දැක්වූයේ නැත.

ඒ හා සමානව, ඔහුට ආගමික සහනශීලී හැඟීමක් තිබුණි. දැඩි බෞද්ධ පසුබිමක සිටි ඔහු අපට පන්සල් යෑමට හෝ සිල් සමාදන් වීමටර කිසි විටෙකත් බල කළේ නැත. ‘‘ඒහිපස්සිකෝ’’

(ඔබම පැමිණ බලන්න* යන බෞද්ධ වචනයේ සැබෑ අරුත අනුව ජීවත් වීමට, ඔහු තම සියලූම දරුවන්ට පූර්ණ

නිදහස ලබා දුන්නේය. බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රතිමාවට අමතරව ඔහු ජේසුස් කි‍්‍රස්තු වහන්සේ, හින්දු දෙවිවරුන් කිහිපදෙනකු සහ සායි බබාගේ පින්තූර ඔහුගේ පූජා කාමරයේ තබා තිබුණේ ඔවුන් සියල්ලන්ම සමාජයට හොඳ පණිවුඩ ලබාදුන් නායකයන් බව විශ්වාස කිරීමෙනි.

ඔහු සිය විශ‍්‍රාම කාලය ගතකළේ ඔහුගේ පි‍්‍රයතම ආශාවන් වන ඉගැන්වීම් සහ ලිවීම සඳහාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වූ ඔහු

සිසුන්ගේ දෛනික විෂය මාලාව අවසන් වූ පසු ඔවුන්ට නොමිලේ ඉංගී‍්‍රසි ඉගැන්වීමට ඉදිරිපත් විය. බොහෝ විශ‍්‍රාමිකයන් සවස් වරුවේ තම නිවසේ සැප පහසු දිවා කෙටි නින්දක් ලබන විට, ඔහු ඉගැන්වීමට දැඩි හිරු එළියේ යමින් සිටියේය. එලෙසම

රාජගිරියේ වික්ටෝරියා ආබාධිත නිවාසයේ නේවාසිකයන්ට ස්වේච්ඡුාවෙන් ඉංගී‍්‍රසි ඉගැන්වූයේය. ඔහුගේ ඊළඟ ආශාව වූයේ කාලීන සිදුවීම් සහ රටේ සිදුවන අසාධාරණයන් පිළිබඳව විවිධ මාතෘකා යටතේ නිරන්තරයෙන් පුවත්පත්වලට දායක වීමයි. ඔහුට විශිෂ්ට ඉංගී‍්‍රසි දැනුමක් සහ ලිවීමේ දක්ෂතාවක් තිබූ අතර ඔහු පෑනක් අතට ගත් විගස, වචන දෝරේ ගලා ආවේය. ඔහු රට තුළ නිසි පාලනයක් ඇති කිරීමට උපකාර කළ ‘‘අවධි ලංකා’’ ව්‍යාපාරයෙහි ආරම්භක සාමාජිකයෙකි.

වසර 5ක් ගත වී ඇතත්, මා ඉතා ආඩම්බරයෙන් සිහි කරන මගේ පියා වන ස්ටැන්ලි ජයවීරගේ සිහිවටනයන්, මගේ මතකයෙන් කිසිදා මැකී නොයයි. රාජකීයන්, ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ සාමාන්‍ය ජනතාව සමග එකට ඇසුරු කිරීමට හැකි වූ පුද්ගලයා පමණක් නොව, මම මගේ පළමු පියවර තබනවිට මගේ අතින් අල්ලාගෙන මට නැඟිටීම උදව් කළ විශේෂ පුද්ගලයා ලෙස ඔහු මගේ සිතෙහි සදා අමරණීයයි.

විමුක්තා ජයවීර

advertistmentadvertistment
advertistmentadvertistment