ස්ටෝක්ස්ගෙන් වේගවත් ශතකයක්

311

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු ඉනිම සඳහා ලකුණු 507 ක් රැස්කිරීමට සංචාරක එංගලන්ත කී‍්‍රඩකයෝ පෙරේදා (17 වැනිදා) සමත් වූහ.

එංගලන්තය වෙනුවෙන් නායක ජෝ රූට් ලකුණු 153 ක් ලබාගත් අතර අංක 05 පිතිකරු ලෙස පිටියට පැමිණි බෙන් ස්ටෝක්ස් පන්දු 128 කදී වේගවත් ලකුණු 170 ක් ලබාගැනීමට සමත් වූයේය. ස්ටෝක්ස්ගේ ඉනිමට හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් 11ක් ඇතුළත් විය.

වීරසාමි පර්මෝල් කඩුලූ 3ක් දවාගත් අතර පළමු ඉනිම කී‍්‍රඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 71ක් රැස්කර ගෙන සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment