ස්ථාන මාරු ලැබූ ජාතික පාසල් ගුරුවරුන්ට ජුනි 12දාට පෙර යන්න කියයි

81

ජාතික පාසල්වල 2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් 2023 ජුනි 12 දින වන විට එම සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

යම් ගුරු භවතෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මගින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ හැකිය.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු අංශයට පෞද්ගලිකව පැමිණීම අවශ්‍ය නොවන බවත්, අභියාචනයට යොමුකළ අයදුම්පත් පිළිබඳ අභියාචනා තීරණ කඩිනමින් දැනුම්දීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment