ස්ථාවර නියෝග අත්හිටුවා ජනපතිට අප්‍රසාදය පළ කිරීමට ගෙනා යෝජනාව පරදී

207

ජනපතිට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා ගෙන ඒමට කළ යෝජනාව වැඩි ඡන්ද 51 කින් පරාජය පත්විය.

එම යෝජනාවට පක්‍ෂව ඡන්ද 68 ක්ද, ඊට විපක්‍ෂව ඡන්ද 119 ක්ද ලැබිණි. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා එම යෝජනාව ඉදිරිපත් කළ අතර විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එය ස්ථිර කරනු ලැබීය.

ජනාධිපතිවරයාට අප්‍රසාදය පළ කිරීමට ගෙන ආ එම යෝජනාවට සභානායක, ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විරෝධය දැක්වූ අතර ඒ සඳහා ඡන්ද විමසීමක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය. ස්ථාවර නියෝග අත්හිටුවා එම යෝජනාව ගෙන ආ යුතු බවට විපක්‍ෂය කළ යෝජනාවට සභානායකවරයා විරුද්ධත්වය පළ කළේය. අනතුරුව විද්යුත් ක්‍රමයට ඡන්ද විමසීම සිදුකළ අතර එහිදී දැනට විපක්‍ෂයේ සිටින ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ජනාධිපතිවරයාට එරෙහි එම යෝජනාවට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළහ. එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ඡන්දය වලංගු වන ආකාරයට ප්‍රකාශ කර තිබුණේ නැත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment