ස්නානයට පමණක් එළියට පැමිණි අයිසිස් නායකයා – ඇමෙරිකානු මෙහෙයුමෙන්  පරලොව ගිය හැටි

1444

හිටපු ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් 2019 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී හෙලිකොප්ටර් යානා 8ක්, තවත් නෞකා සහ ගුවන් යානා රැුසක් සමගින් විශේෂ බළකා සාමාජිකයන් ‘‘විශාල කණ්ඩායමකින්” සමන්විත වූ වැදගත් මෙහෙයුමක අවසර ලබා දී තිබිණි. ඒ අනුව ඔක්තෝම්බර් 27 දිනයේ අලූයම් කාලයේ ඇමෙරිකානු විශේෂ හමුදා බළකාය සිරියාවේ තුර්කි දේශ සීමාවේ සිට කිලෝමීටර් 5 ක් දකුණින් පිහිටි ඉඞ්ලිබ් පළාතේ බැරීෂා ගම්මානයෙන් පිටත පිහිටි කුඩා පරිශ‍්‍රයක් ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කර තිබිණි.

 මෙහෙයුමට පැය දෙකක් ගතවූ අතර අවසානයේ ඇමෙරිකාව නිවේදනය කර සිටියේ ‘‘සිරියාවේ වයඹ දිග ප‍්‍රදේශයේ රාත‍්‍රී කාලයේ ක‍්‍රියාත්මක කළ අනතුරුදායක මෙහෙයුමකින් ලෝකයේ අංක එකේ ත‍්‍රස්තවාදී නායකයා මරා දමනු ලැබූ බවයි. මේ නායකයා කවරෙක් ද? අයිසිස් නායක අබු බකර් අල්-බග්දාදි වේ. මේ සාර්ථක මෙහෙයුමෙන් පසුව රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඩොනල්ඞ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර සිටියේ ‘‘අපේ ආරක්ෂක සුනඛයන් ඔහු පසුපස හඹා යද්දී උමගේ අවසානයට ආවා. ඒ වෙලාවේ බග්දාදි මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගෙන ඔහු සමග සිටි දරුවන් තිදෙනාත් සමග සිය දිවි නසා ගත්තා. ඔහුගේ මළ සිරුර එම නිසා විකෘති වෙලා තිබුණා.” අයිසිස් නායක බග්දාදි මියගිය උමග තුළදී ඇමෙරිකානු ආරක්ෂක සුනඛයකු තුවාල ලබා තිබිණි. ට‍්‍රම්ප් ජනපතිවරයා සිය ප‍්‍රකාශය අවසන් කරමින් පවසා සිටියේ ‘‘අපි දන්නවා ඊළ`ගට අයිසිස් නායකත්වයට පත්වෙන්නේ කවුද කියලා. අපි මේ වන විටත් ඔවුන් ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ” යනුවෙනි. අබු බකාර් අල්-බග්දාදි 1971 වසරේදී ඉරාකයේ සමරාහිදී උපත ලැබීය. 2019 අපේ‍්‍රල් මාසයේ අවසන් සතියේදී අල්-බග්දාදි විසින් නිකුත්කරනු ලැබූ වීඩියෝ පටයක ස`දහන් වූයේ සිරියාවේ බාඝස් නගරයේ බලය අහිමි වීම නිසා ඊට පළිගැනීමක් ලෙස ශ‍්‍රී ලංකාවට පාස්කු ඉරිදා දිනයේ ප‍්‍රහාර එල්ල කළ බවය. ශී‍්‍ර ලංකාවේ පාස්කු ප‍්‍රහාරයත් සමගම අයිසිස් මාධ්‍ය ජාලය සිය උද්දාමය ප‍්‍රකාශ කළ අතරම ‘‘අල්ලා දෙවියන් ඔවුන්ව පිළිගනිත්වා” යි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආශිර්වාද කළ බවද මාධ්‍ය මගින් ප‍්‍රචාරය විය. ඉරාක වැසියකු වන බග්දාදිගේ සැබෑ නම ඊබ‍්‍රාහිම් අව්වාඞ් ඊබ‍්‍රාහිම් අල්-බද්රි වේ. එවක සිරියාවේ බටහිර ප‍්‍රදේශයේ සිට ඉරාකයේ නැගෙනහිර ප‍්‍රදේශය දක්වා විහිදුනු වර්ග කිලෝ මීටර 88,000ක් තරම් විශාල වූ භූමි ප‍්‍රදේශයක් බග්දාදිගේ පාලනයට නතුව තිබුණි. එය වර්ග සැතපුම්වලින් නම් 3400කි. තරුණ වියේ දී මේ ත‍්‍රස්ත නායකයා අමතන ලද්දේ ‘‘බැතිමතා” යන අරුථ දෙන අන්වර්ථ නාමයකිනි. ඊට හේතුව ඔහු නිතරම දේවස්ථානයේ ගැවසීමයි. ශුද්ධ වූ කුරානය ඔහු කටපාඩම් කළේය.

ස්නානයට පමණක් එළියට පැමිණි අයිසිස් නායකයා - ඇමෙරිකානු මෙහෙයුමෙන්  පරලොව ගිය හැටි

අපට අබුබකර්ගේ අතීතය සිහි කරනු ලැබුවේ පසුගිය සතියේදී තවත් විශේෂ සිද්ධියක් දැනගන්නට ලැබුණු නිසාය. එය අන්කවරක්වත් නොව මියගිය අයිසිස් නායකයාගෙන් පසුව එම තනතුරට පත්වූ අබු ඊබ‍්‍රාහිම් අල් කුරේෂි සිරියාවේදී ඝාතනය කළ බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉකුත් බ‍්‍රහස්පතින්දා හෙළි කළේය. කුරේෂිගේ මරා දැමීම හරහා ලොවට විශාල ත‍්‍රස්තවාදී තර්ජනයක් ඉවත් කරනු ලැබූ බව ජනපති බයිඩන් පැවසීය. ‘‘විනාශ කරන්නා” ලෙසින් හැඳින්වෙන කුප‍්‍රකට සටන්කාමියකු වන කුරේෂි – ද ගුරේ හජ්ජි අබ්දුල්ලා, අමීර් මොහොමඞ් සයිඞ් අබ්දුල් රහ්මාන්

 අල්-මව්ලා සහ අබ්දුල්ලා කාර්දාෂ් යන නම්වලින් ද පෙනී සිටි අතර 1976 දී ඉරාකයේ මෝසුල් හි උපත ලද මේ ජිහාඞ් නායකයා පිළිබඳ තොරතුරක් ලබා දෙන්නකු සඳහා එක්සත් ජනපද බලධාරීන් ඩොලර් මිලියන 10 ක් ලබා දෙන බව ප‍්‍රකාශ කර තිබිණි. සිරියාවේ උතුරු ඉඞ්ලිබ් පළාතේ සහ තුර්කියේ දේශසීමාවට ආසන්න විපක්ෂයේ පාලනය යටතේ පවතින අත්මෙහේ නගරයට පිටතින් පිහිටි තෙමහල් නේවාසික ගොඩනැ`ගිල්ලක මේ ත‍්‍රස්ත නායකයා සැ`ගවී සිටියේය. ඔහු තෙවැනි මහලෙන් එළියට පැමිණ ඇත්තේ ස්නානය ස`දහා පමණි. එම නිවසේ බිම් මහලේ පදිංචි පවුලේ අය මෙවන් ත‍්‍රස්තයෙක් තමන්ගේ නිවසේ උඩු මහලේ සිටියාය යන්න අසා පුදුමයට පත්ව තිබේ. කුරේෂි තම පවුලේ අය සමඟ අත්මෙහේ හි පිහිටි මෙම ගොඩනැඟිල්ලේ තෙවැනි මහලේ ජීවත්ව සිටින බවත් ඔහු එහි සිට අයිඑස් ක‍්‍රියාකාරකම් සිදුකිරීමට පණිවුඩකරුවන් යොදාගෙන සිරියාවට සහ වෙනත් ප‍්‍රදේශවලට තම නියෝග යැවීම සිදුකර ඇති බවට ඇමෙරිකානු බුද්ධි වාර්තා මගින් තහවුරු කරගෙන තිබිණි. 2019 ඔක්තෝම්බර් මාසයේදී බග්දාදි ගේ මරණයෙන් දින හතරකට පසු ත‍්‍රස්තවාදී කණ්ඩායමේ නායකත්වයට පත් වූ අබු ඊබ‍්‍රාහිම් අල් කුරේෂි මරණයට පත්වූයේද සිය නායකයා මෙන් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙනය. මෙම මෙහෙයුමේදී මියගිය 13 දෙනා අතර කුරේෂිගේ එක් නියෝජ්‍ය නායකයකු සහ ඔහුගේ බිරිඳ ද ඇතුළත් වන අතර ඔවුන් දෙදෙනාම ඇමෙරිකානු හමුදාවන්ට වෙඩි තබා තිබේ.

 ජනපති ජෝ බයිඩන් ත‍්‍රස්ත නායකයා විනාශ කිරීම ස`දහා වූ විශේෂ බළකා මෙහෙයුමට පසුගිය අඟහරුවාදා අවසන් අවසරය ලබා දුන්නේය. ඒ අනුව බදාදා රාත‍්‍රියේ මෙහෙයුම ක‍්‍රියාත්මක විය. ඇමෙරිකානු හමුදා පැය දෙකක මෙහෙයුම සිදු කරද්දී ඔවුනට දරුණු ප‍්‍රතිරෝධයන්ට මුහුණ දීමට සිදුව තිබේ. වාහනවල සවිකර තිබූ ගුවන් යානා නාශක තුවක්කුවලින් ඇමෙරිකානු යානා වෙත ප‍්‍රහාර එල්ලවී තිබේ. පැය දෙකක පමණ කාලයක් වෙඩි හඬ සහ ෂෙල් වෙඩි හඬ ඇසුණු අතර හෙලිකොප්ටර් යානා පිටත් වීමෙන් අනතුරුව එය අසල නිවාසවල වැසියෝ සිරියානු මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර තිබිණි. මේ ප‍්‍රහාරයට සම්බන්ධ වූ ඇමෙරිකානු භටයන්ට හානියක් සිදු නොවූවද වැටලීමේදී එක් ඇමෙරිකානු හෙලිකොප්ටරයක් අක‍්‍රීය වීමෙන් විනාශ කිරීමට සිදුවූ බව පෙන්ටගනය කියයි. සිරියාවේ සිවිල් ආරක්ෂක ලෙසද හැඳින්වෙන වයිට් හෙල්මට් ගලවා ගැනීමේ සේවාව ප‍්‍රකාශ කර තිබුණේ ප‍්‍රහාරයට ඉලක්කව තිබූ නිවසේ තිබී ළමුන් හය දෙනකුගේ සහ කාන්තාවන් සිව් දෙනකුගේ සිරුරු සොයාගත් බවයි. අල් කුරේෂිගේ මරණය අයිසිස් සංවිධානයට දරුණු පසුබෑමක් එල්ල කරන බව පැහැදිලිය. කුරෙයිෂි මරා දැමීම තුළින් මේ ත‍්‍රස්ත සංවිධානය යළි ප‍්‍රතිසංවිධානය නවතිනු ඇතැයි වොෂිංටනය උදක්ම බලාපොරොත්තු වේ. පසුගිය ජනවාරි 20 වැනිදා සිරියාවේ බන්ධනාගාරයකට අයිසිස් ප‍්‍රහාරයක් එල්ල විය. මෙයින් කුර්දි සටන්කරුවන් 120ක් මියගිය අතර අයිසිස් සාමාජිකයන් තුන්සියයක් මරණයට පත්විය. මේ සිරියානු බන්ධනාගාරය දරුණු අයිසිස් සාමාජිකයන් ර`දවා තබා ගෙන සිටින ක`දවුරකි. මේ ප‍්‍රහාරය මැඩපැවැත්වීමට දින දහයක් ගතවිය. මේ හරහා ලෝකයට ලැබුණු පණිවුඩය එතරම් හො`ද දෙයක් නොවේ. මන්ද යළිත් අයිසිස්වරු නැගිටින බව මේ ප‍්‍රහාරය හරහා ඉඟි පලවිය. අයිසිස්වරු පාලනය කරන භූමියක් දැන් නොමැති තවමත් 8000-16000 අතර සාමාජිකයන් පිරිසක් මොවුන් සතුවේ. ඔවුන් ඕනෑම මොහොතක ප‍්‍රහාර එල්ල කළ හැකිය.

 මොවුන් ඉරාකයේ සහ සිරියාවේ ප‍්‍රතිසංවිධානය වීමට සහ ධාරිතාව ගොඩනඟා ගැනීමට උත්සාහ කරන බවට ඇමෙරිකානු ත‍්‍රස්ත මර්දන නිලධාරීන්ට මෑත මාසවල සැක පහළවී තිබිණි. සිරියානු බන්ධනාගාරයට එල්ලවූ ප‍්‍රහාරය ත‍්‍රස්ත නායකයාට එරෙහි මෙහෙයුම කඩිනම් කිරීමට ප‍්‍රමුඛ විය. මන්ද පසුගිය දෙසැම්බර් මාසයේ සිටම මේ මෙහෙයුම ගැන අවධානය යොමුව තිබිණි. නමුත් ජනපති අනුමැතිය ලැබී නොතිබිණි. ඇෆ්ගන් අවුල නිසා බලවත් පීඩනයකට පත්ව සිටි ජනපති බයිඩන් යම් සැනසුමක් ලැබුවේ මේ ප‍්‍රහාරයෙන් පසුව පමණි. පසුගිය අගෝස්තුවේදී ඇමෙරිකානු හමුදාවලට කාබුල් නුවර අතහැර පලා එන්නට සිදුවිය. ‘‘මේ ජෝ බයිඩන්ගේ සයිගොන්” යනුවෙන් රිපබ්ලිකන් හවුස් සම්මේලනයේ සභාපති එලීස් ස්ටෙෆනික් ට්විටර් පණිවුඩයක් මගින් එවක ප‍්‍රකාශ කර තිබිණි. ‘‘ජාත්‍යන්තර තලයේ විනාශකාරී අසාර්ථක වීමක් වූ මෙය කිසිදා අමතක කළ නොහැක.” යනුවෙන් එම පණිවුඩයේ ස`දහන් විය. කවරක් නමුත් කුරෙයිෂිගේ වැටලීම අතරතුර ධවල මන්දිරයේ මෙහෙයුම් කාමරය තුළ සිට ජනපතිවරයා මේ සියල්ල සජීවීව නිරීක්ෂණය කළේය. එදා බින්ලාඩන් ඝාතනය මෙන්ම අබුබකර් ඝාතනයද එවක සිටි ජනපතිවරු සජීවීව නිරීක්ෂණය කළහ. බින්ලාඩන් ඝාතන මෙහෙයුමට අණ ලැබුනේ 2011 අපේ‍්‍රල් 11 වැනිදා උදෑසන යි. නමුත් එයට පෙර අණ ලැබෙන ඕනෑම මොහොතක මෙහෙයුමේ යෙදීමට මෙම සීල් භට පිරිස් සූදානමින් සිටියහ. මෙම මෙහෙයුම භාරව සිටි එවක සීඅයිඒ ප‍්‍රධානියා වූ ලියොන් පනෙටා පැවසුවේ නාවික සීල් භටයන් 25 දෙනෙක් මෙයට සහභාගි වූ බවත්, සමාන පහසුකම් සපිරි යුද හෙළිකොප්ටර් 2ක් එයට යොදා ගන්නා ලද බවයි. එම මෙහෙයුමට ලබා දී තිබූ කාලය මිනිත්තු 40 කි. නෙප්චූන් ස්පියර් නමින් මේ මෙහෙයුම නම් කර තිබිණි.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment