ස්පාඤ්ඤයේ කාන්තාවන් පිරිසකගේ ඡායාරූප අසභ්‍ය වෙබ් අඩවිවලට අලෙවි කිරීමේ නඩුව ඉවතට

776

නිසි සනීපාරක්ෂක පහසුකම් නොතිබීම හේතුවෙන් ස්පාඤ්ඤයේ නගරයක වීථි කොනක මුත‍්‍රා කරමින් සිටි තරුණියන් හා කාන්තාවන් 80 දෙනකු වීඩියෝගත කර අසභ්‍ය වෙබ් අඩවිවලට මුදා හැර මුදල් ලබා ගැනීමේ සිද්ධියකට එරෙහිව එරට අධිකරණයේ පවරා තිබූ නඩුවක් විනිසුරුවරයා විසින් ඉවත දමා තිබේ’

 විනිසුරුවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ කාන්තා අයිතිවාසිකම් සංවිධාන දැඩි සේ කම්පනයට පත්ව සිටින අතර එයට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ විරෝධය පළ කිරීමට පියවර ගෙන තිබේ’

 කාන්තාවන් පිරිස කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් වීඩියෝගත කර එම වීඩියෝව අසභ්‍ය වෙබ් අඩවිවලට නිකුත් කිරීමේ සිදුවීම 2019 වසරේ ස්පාඤ්ඤයේ වයඹදිග නගරයක් වන ‘සර්වෝ’ නගරයේ පැවති ‘මරුක්සයිනා’ උත්සවය අතරතුර සිදුව තිබේ’ එම සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදු කර එයට වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලමින් 2020 වසරේදී අධිකරණයේ පවරා තිබූ

 අභියාචනා නඩුවක් සිද්ධිය අපරාධ ක‍්‍රියාවක් ලෙස නොසැලකිය හැකි බව පවසමින් නඩුව විභාග කළ විනිසුරු පැබ්ලෝ වස්කුවෙස් විසින් ඉවත දමා තිබේ’ මෙම සිද්ධියට අදාළව පැවති මූලික නඩු විභාගයේදී ද නඩුවට අදාළ සිදුවීම අපරාධ ක‍්‍රියාවක් නොවන බව පවසා එම විනිසුරුවරයා විසින් තීන්දුවක් ලබා දී තිබිණි‘ අදාළ  වීඩියෝගත කිරීමේ සිදුවීමෙන් අගතියට පත්ව සිටින කාන්තාවන් පිරිස ‘ගෝ’ නගරයේ ප‍්‍රාදේශීය අධිකරණයක මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ’

 මේ අතර ස්පාඤ්ඤයේ සමානාත්මතා කටයුතු පිළිබඳ ඇමැතිනි අයිරින් මොන්ටෙරෝ පවසා ඇත්තේ කාන්තාවකගේ කැමැත්තෙන් තොරව ඇයගේ ඡායාරූප ගෙන බෙදා හැරීම ලිංගික හිංසනයක් වන බවයි’

advertistmentadvertistment
advertistmentadvertistment