ස්පාඤ්ඤය ජපානයට පැරදී ජර්මනිය විසිවෙයි

321

2010 වසරේ පාපන්දු ලෝක ශූරයන් වූ ස්පාඤ්ඤය ඊයේ (02 වැනිදා) අලුයම පැවැති තරගයෙන් ජපානය හමුවේ ගෝල් 2-1ක පරාජයක් ලැබීමත් සමග සිව්වතාවක් පාපන්දු ලෝක ශූරයන්ව සිටි ප්‍රබල ජර්මනියට මෙවර තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට යෑමට සිදුවිය.

ජර්මනිය මීට පෙර 1954,1974,1990 සහ 2014 වසර වල ලෝක ශූරයෝ ලෙස කිරුළු පැළඳ තිබුණි.

කණ්ඩායම් 32 මූලික වටය යටතේ ‘ඊ’ කාණ්ඩයෙන් මෙවර තරගාවලිය සඳහා ජර්මනිය, ජපානය, ස්පාඤ්ඤය සහ කොස්ටාරිකාව තරග වැදුනි.

එම තරග යටතේ ජර්මනිය ජපානය හමුවේද පරාජයට පත් වූ අතර ඊයේ පැවැති කොස්ටාරිකාවට එරෙහි තරගය පමණක් ඔවුහු ජය ගත්හ.

එහෙත් එම ජයග්‍රහණය ජර්මනියට අවසාන කණ්ඩායම් 16 අතරට පිවිසීමට ප්‍රමාණවත් නොවූයේ ජපානය විසින් ස්පාඤ්ඤය පරාජය කිරීම නිසාය.ජර්මනිය මෙවර තරගාවලියේ ස්පාඤ්ඤය හමුවේ ද පරාජයට පත් වූ අතර කොස්ටාරිකාවට එරෙහිව ඊයේ ගෝල් 4-2ක් ලෙස ජය ගත්තේය.

ස්පාඤ්ඤයට එරෙහිව ජපානය ඊයේ ලද ජයග්‍රහණයත් සමග තම කාණ්ඩයේ පළමු වැනියා ලෙස අවසන් කණ්ඩායම් 16 අතරට පිවිසීමට සමත් විය. ස්පාඤ්ඤය මෙම තරගයේ දී පරාජයට පත්වුවද පසුගිය දක්ෂතා මත ඔවුන්ටද අවසන් කණ්ඩායම් 16 අතරට එක්වීමට අවස්ථාව උදාවිය.

advertistmentadvertistment
advertistmentadvertistment