ස්පාඤ්ඤ ජර්මනි සටන සමව විසඳෙයි

159

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (28 වැනිදා) අලුයම ස්පාඤ්ඤ සහ ජර්මනිය අතර පැවති තරගය කණ්ඩායම් දෙකම ගෝල් 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

පළමු අර්ධය නිමා වන විට කණ්ඩායම් දෙකටම ගෝල් වාර්තා කිරීමට නොහැකි වුවද අවසන් අර්ධයේදී තම ලෝක ශූර දක්ෂතා පෙන්වීමට කණ්ඩායම් දෙකම සමත් විය.

ස්පාඤ්ඤ ජර්මනි සටන සමව විසඳෙයි

ජපානයට පරාජය

කොස්ටාරිකාව සහ ජපානය අතර පැවැති තරගයෙන් ගෝල් 1-0 ක ජයග්‍රහණයක් ලැබීමට කොස්ටාරිකා ක්‍රීඩකයෝ සමත් වූහ.

ජර්මනිය හමුවේ ලැබූ පෙරළිකාරී ජයග්‍රහණය නිසා මෙම තරගය ජපානය ජය ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළද ජපානයට පරාජය උරුම විය.

මොරොක්කෝවට සුපිරි ජයක්

ස්පාඤ්ඤ ජර්මනි සටන සමව විසඳෙයි

ලෝක ශ්‍රේණිගත කිරීම් හී ඉහළ තැනක පසු වන බෙල්ජියම ගෝල 2-0ක් ලෙස පරාජය කිරීමට මොරොක්කෝවට හැකි විය.

මෙම පරාජය හේතුවෙන් බෙල්ජියම් ක්‍රීඩකයන්ගේ ලෝක කුසලාන බලාපොරොත්තුවලට ද යම් ප්‍රශ්නාර්ථයක් ගෙන එමින් අවසන් අතිරේක කාලයේ ද ගෝලයක් වාර්තා කිරීමට මොරොක්කෝව සමත් විය.

ක්‍රොඒෂියාව ලොකු ජයක් ලබයි

කැනඩාව සහ ක්‍රොඒෂියාව අතර තරගය වැඩි ගෝල පරතරයකින් ජය ගැනීමට ක්‍රොඒෂියාව පෙරේදා සමත් විය. එම තරගයේ ප්‍රතිඵලය වූයේ කැනඩාව ගෝල් 1ක් සහ ක්‍රොඒෂියාව ගෝල් 4ක් ලෙසිනි.

advertistmentadvertistment
advertistmentadvertistment