ස්පා මුවාවෙන් කරගෙන ගිය ගණිකා නිවාස වටලයි

918

කොල්ලුපිටිය, මුහුදු මාවතේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක් පෙරේදා (14 දා) වැටලූ පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීහු තායිලන්ත ජාතික කතුන් 5 දෙනකු සහ එහි කළමනාකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කළමනාකරු, තරු පන්තියේ හෝටලයක හිමිකරුවකු බවද හෙළිවිණැයි එම ඒකකය කියයි.

මෙම ගණිකාවන් රුපියල් පහළොස් දහසේ සිට ඉහළට අලෙවි කර ඇතැයි හෙළිවූ බවද එම ඒකකය පවසයි.

තායිලන්ත ගණිකා ඇසුර පතා පැමිණෙන අයකුට මෙම ගණිකා නිවාසයට ඇතුල් වීමට රුපියල් දසදහසක් ගෙවිය යුතු බව හෙළිවිණැයිද එම ඒකකය පවසයි.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂකවරුන් වන සඳරුවන් බණ්ඩාරනායක ඇතුළු නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගි වූහ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment