ස්පුට්නික් දෙවැනි මාත‍්‍රාව හෙට සිට

164

කොවිඩ් මර්දන ස්පුට්නික් පළමු මාත‍්‍රාව ලබාගත් මෙරට ජනතාවට හෙට සිට එහි දෙවැනි මාත‍්‍රාව ලබා දෙන බව ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.ඒ අනුව පළමුව මහනුවර ප්‍රදේශයේ මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන ඇති ජනතාව වෙත ලබාදීමට නියමිත බව බවද ඒ මහතා සඳහන් කරයි.
මේ සඳහා වූ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – එන්නත් මාත්‍රා 120,000 ක් අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන ආ මෙම එන්නත් තොගය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙරටට රැගෙන එනු ලැබීය.

එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment