ස්පුට්නික් දෙවැනි මාත‍්‍රාව අද සිට

67

කොවිඞ් මර්දන ස්පුට්නික් පළමු මාත‍්‍රාව ලබාගත් මෙරට ජනතාවට අද (20දා) සිට එහි දෙවැනි මාත‍්‍රාව ලබා දෙන බව ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. ඒ අනුව පළමුව මහනුවර ප‍්‍රදේශයේ මෙම එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගෙන ඇති ජනතාවට දෙවන මාත‍්‍රාව ලබාදීමට නියමිත බව බවද ඒ මහතා සඳහන් කළේය.

මේ සඳහා වූ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත‍්‍රා 120,000 ක් ඊයේ (19දා) අලූයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණි අතර, මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත රැගෙන ආ මෙම එන්නත් තොගය භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානයකින් මෙරටට රැුගෙන එනු ලැබීය. එම එන්නත් තොගය ශ‍්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් ගබඩා කර ඇත.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment