ස්පොට් චේන් පිරමිඩ් ජාවාරමින් රුපියල් කෝටි 1,400ක වංචාවක්

203

කීර්ති බණ්ඩාර නැමැති පුද්ගලයකු සහ ෂැංකායි සහ වැන් නැමැති චීන යුවලක් විසින් රුපියල් කෝටි 1,400ක පමණ මුදලක් වංචා කරමින් පවත්වාගෙන ගිය ස්පොට් චේන් නැමැති පිරමීඩ ආකාරයේ දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහ වාජිණ අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම කරුණු අනාවරණය වූ බවය ද ඒ මහතා සඳහන් කරයි. 2020 වසරේ සිට පවත්වාගෙන ගොස් ඇති මෙම මූල්‍ය වංචාවට ශ්‍රී ලාංකිකයින් 8,000ක් පමණ හසුව ඇතැයිද පවසයි.කීර්ති බණ්ඩාර නැමැත්තා ඇප මත සිටින බවත් චීන යුවලක් සැප්තැම්බර් මස 12වැනිදා රටින් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේ දී කටුනායක ගුවන් තොටුපොල හිදී අත්අඩංගුවට ගත් බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment