ස්මාට් කැබ් ගෙන්වීමේදී කෝටි 300 ක බදු පාඩුවක්… කෝපා කමිටුවේදී අනාවරණව වෙයි… වාහන ලියාපදිංචියේදීත් බරට වංචා

1062

ඩබල් කැබ් මාදිලියේ වාහනවලට සමාන අයුරින් නිෂ්පාදනය කර තිබූ ‘ස්මාර්ට්’ කැබ් මාදිලියේ වාහන ආනයනය කිරීමේදී, ශ‍්‍රී ලංකා රේගුව විසින් ඒ සඳහා ‘සිංගල් කැබ්’ මාදිලියේ වාහන ආනයනය කිරීමේදී අය කරන අඩු රේගු බදු මුදලක් අය කරගැනීම නිසා පසුගිය කාලයේ දී එම එක වාහනයකින් රුපියල් ලක්ෂ 10 බැගින් වාහන 3000 ක් සඳහා රුපියල් කෝටි 300ක පාඩුවක් රජයට සිදුවී තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව* සිදුකළ නිරීක්ෂණයකට අනුව අනාවරණය වී ඇත. 04 – පිටුවට
 
 රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් පෙරේදා (20 දා* පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ නව වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරයට අදාළ පළමුවැනි වාර්තාවේ මෙම නිරීක්ෂණ වාර්තාව සඳහන් කර තිබේ.
 
 ශ‍්‍රී ලංකා රේගුව විසින් වාහන ආනයනය කිරීමේදී හා එම වාහන මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශාල වශයෙන් බදු අක‍්‍රමිකතා සිදුවන බවත් එමගින් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවත් අදාළ වාර්තාවේ නිරීක්ෂණයෙහි දැක්වේ.
 
 වාර්තාවේ නිරීක්ෂණවලට අනුව රේගුව විසින් විශේෂ කාර්යයන් සඳහා අඩු බදු ප‍්‍රමාණයක් ගෙවා ආනයනය කරනු ලබන වාහන ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.
 
 මෙයට අමතරව 2010-2019 කාල පරිච්ෙඡ්දයේ දී වෑන් රථ 44ක් අඩු බදු ප‍්‍රමාණයක් ගෙවිය යුතු විශේෂිත කාර්ය වෑන් රථ ලෙස ආනයනය කර, මගී හා භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ අරමුණෙන් එම වාහන පසුව ද්විත්ව කාර්යය වාහන ලෙස මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම නිසා අවම වශයෙන් රුපියල් මිලියන 1300කට ආසන්න බදු ප‍්‍රමාණයක් රජයට අහිමි වී තිබේ.
 
 මහජන ඇමතුම් උපකරණ සවිකර විශේෂ කාර්යය වාහන කාණ්ඩය යටතේ රුපියල් මිලියන 1.5ක රේගු බද්දක් ගෙවා ආනයනය කරන ලද ටොයෝටා ලෑන්ඞ් කෲසර් මාදිලියේ වාහනය රේගුව විසින් නිසි පරිදි මගී ප‍්‍රවාහන කාණ්ඩය යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට අහිමිව ඇති බදු මුදල රුපියල් මිලියන 56ක් බව වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
 
 මෙලෙස සිදුවන අක‍්‍රමිකතා වළක්වා ගැනීම සඳහා කාරක සභාව විසින් විශේෂ කාර්යය වාහන ආනයනය කිරීමේදී ශ‍්‍රී ලංකා රේගුවෙන් විශේෂ භාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංක 8705 යටතේ (Harmonized System Code – HS Code) නිෂ්කාශනය කරනු ලබන වාහන මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමේදී විශේෂිත අංකයක් යටතේ (PZA) ලියාපදිංචි කළ යුතු බව නිරීක්ෂණය කර තිබේ.

 
– අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment