ස්මාර්ට් දුරකථනයට මව සමඟ රණ්ඩු වී දැරිය කැලේ පැනලා

605

ගෝනගංආර පොලිස් වසමට අයත් 16 කණුව රජමාවත පදිංචිව 15 හැවිරිදි දැරියක් ස්මාර්ට් ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් මව සමඟ අමනාප වී නිවසෙන් අතුරුදන්ව ඇත.

දැරියගේ මව විසින් දැරිය අතුරුදන්ව ඇති බවට ගෝනගංආර පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ. මෙම දැරිය නිවසෙන් පිටව ගොස් අසල වන ලැහැබක රාත්‍රිය ගතකොට පසුදින නිවසට පැමිණ ඇති බව පොලීසිය පවසයි. දැරියට කිසිදු හිරිහැරයක් සිදුවී නොමැති බව අනාවරණය වී ඇත.

ගෝනගංආර පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment