ස්මාර්ට් විදුලි බිලක්: මනු කියවන්නෝ 3500 ක් ගෙදර

438

ලංකා විදුලිබල මණ්ඩලයේ සිටින මනු කියවන්නන් තුන්දහස් පන්සියකගේ රැකියා අවසන් කරමින් ඉදිරියේදී ස්මාර්ට් බිල්පත් කෙටි පණිවුඩ (SMS) මගින් බිල් නිකුත් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ස්මාර්ට් බිල්පත් (Smart metering) නියමු ව්‍යාපෘතිය දෙහිවල – ගල්කිස්ස නගර සභා ප්‍රදේශයේ ආරම්භ කර තිබෙන අතර එමගින් පාරිභෝගිකයන් 31,000 කට ස්මාර්ට් බිල්පත් නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත.

මේ අතර විදුලිබල මණ්ඩලය කොටස් කිහිපයකට කඩා එය ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කළ පසු අතිරික්ත සේවකයන් ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ (VRS) සැලසුමක් ඇතැයි වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment