ස්වභාවිකත්වයට මුල්තැන දෙන තරුණ ව්‍යවසායිකාවක්

177

වර්තමානයේදී බොහෝ දෙනා තම කාර්යබහුලත්වය හේතුවෙන් ක්ෂණික ආහාර පාරිභෝජනය සඳහා යොමු වී ඇති අතර මේ සමගම ඔවුහු විවිධ රෝගාබාධවලට ගොදුරු වෙමින් සිටිති. එයින් අත්මිදීම සඳහා ක‍්‍රමක‍්‍රමයෙන් පෝෂණයෙන් සහ ගුණාත්මක භාවයෙන් සපිරි රසායනික ද්‍රව්‍යවලින් තොර ස්වභාවික ආහාර ලබා ගැනීමට සමාජය වැඩි උනන්දුවක් දක්වයි.

39 හැවිරිදි නදීරා මධුෂානි විනෝදාංශයක් ලෙස රසායනික ද්‍රව්‍යවලින් තොර ස්වභාවික ජෑම් නිෂ්පාදනය ආරම්භ කළ අතර පසුව එය ස්වයං රැුකියාවක් බවට පත් වූයේ කැරට්, බීට්රූට් සහ වට්ටක්කා වැනි ජෑම් නිෂ්පාදන මිලදී ගැනීමට ජනතාව උනන්දු වීම නිසාය. ශී‍්‍ර ලංකාවේ බහුල ලෙස එළවළු හා පලතුරු ලබා ගැනීමට ඇති පහසුව නිසාම දියුණු කළ හැකි කර්මාන්තයක් ලෙස ජෑම් නිෂ්පාදනය හඳුන්වාදිය හැකිය. මේ සඳහා වන ඉල්ලූම ඉහළ යෑමත් සමග මෙම ව්‍යාපාරය 2019 වසරේදී මාතලේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘Healthy Choice’ ලෙස ලියාපදිංචි කරන ලදී. ඇයගේ ස්වයං රැකියාව, ව්‍යාපාරයක් බවට පත් වීමත් සමග ඇය රටඉඳි, කෝමාරිකා සහ අනෝදාවලින් සාදන ලද ජෑම් වැඩි ප‍්‍රමාණයක් නිෂ්පාදනය කළ අතර ඒ සඳහා පාරිභෝගිකයන්ගෙන් විශාල ඉල්ලූමක් ලැබුණි. ජෑම් නිෂ්පාදනයේදී විවිධ පලතුරු වර්ග සමග අත්හදාබැලීම් සිදුකරන අතර මෙම අත්හදා බැලීම්වල ප‍්‍රතිඵලයක් ලෙස මෑතකදී ඇය පැපිනෝ ජෑම් වෙළඳපොළට හඳුන්වා දුන්නාය.

මාතලේ, පළාපත්වල පිහිටි ඇයගේ කර්මාන්ත ශාලාවේ සේවකයෝ 4 දෙනෙක් සේවය කරති. එසේම ඇගේ ව්‍යාපාරයෙන් ප‍්‍රතිලාභ ලබන පලතුරු වගා කරන ගොවීහු බොහෝ දෙනෙක් සිටිති. යුරෝපීය සංගමය විසින් අරමුදල් සපයන ලද ENTERPRISE ව්‍යාපෘතියේ මූල්‍ය ප‍්‍රදානයත් සමඟ, නදීරා යන්ත‍්‍ර කිහිපයක් මිලදී ගත් අතර, එය නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට දායක විය.

නදීරා, සිය නිෂ්පාදන පරාසය ආහාර තාක්ෂණවේදීන්ගේ සහයෝගය ඇතිව විවිධාංගීකරණය කිරීමට සැලසුම් කර ඇති අතර රසායනික නොවන, ස්වභාවික සහ දේශීය අමුද්‍රව්‍ය සහිත උසස්

තත්ත්වයෙන් යුතු, රසවත්, සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන පාරිභෝගිකයන් හට ලබා දීමට ද අපේක්ෂා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment