සාම්ප්‍රදායික ස්වභාවික ආහාර අතහැරීම නිසා කාන්තාවන් හෝමෝන අසමතුලිතතාවට පැමිණ බහුකෝෂ්ඨ ඩිම්බකෝෂ රෝගයට ලක්වන බව වෛද්‍යවරු අනාවරණය කරති. අද වන විට ලෝකයේ කාන්තාවන් 10% කට මෙම රෝගය වැළඳී තිබෙන බව ඔවූහු පෙන්වා දෙති. ශරීරයේ අනවශ්‍ය ස්ථාවනවල රෝම කූප මතුවීම” මුහුණේ පිරිමින්ගේ මෙන් දැලි රැුවුල මතුවීම මෙම රෝගයේ ලක්ෂණ වලින් කිහිපයකි.
මේ වෙනුවෙන් සමාජය දැනුවත් කිරීමක් ලෙස විශේෂඥ වෛද්‍ය සම්මන්ත්‍රණයක් අද (16 දා* සවස 3.00 සිට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
ප්‍රසව සහ නාරිරෝග විශේෂඥ වෛද්‍යවරුන් වන මැලේසියාවේ ලම් වී කියන් සහ ප්‍රදීප් සුරංග හෙට්ටිආරච්චි යන මහත්වරුන් දෙපළ සම්මන්ත්‍රණය මෙහෙයවති.
නන්දන ශී‍්‍ර කෝට්ටේගොඩ
|