ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් බලපත්‍රය අවලංගු කෙරේ

77

ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී. එල්. සී ආයතනයේ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව ඊයේ (28දා) සිට බලපැවැත්වෙන පරිදි එම ආයතනය සහ මුදල් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා නිකුත්කර තිබූ බලපත්‍රය අවලංගු වනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 37(3) වගන්තියට අනුව මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ විසින් ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය වෙත 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ විධිවිධාන යටතේ ලියාපදිංචි කරන ලද කල්බදු මූල්‍යකරණ ආයතනයක් ලෙස ලබාදී තිබූ ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු කිරීමටද තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment