‘ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස්ට මාස හයක් ව්‍යාපාර කරන්න අවසර

59

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ ව්‍යාපාර කටයුතු මාස හයක සීමිත කාලයකට නැවත ආරම්භ කිරීමට අවසර ලබාදී ඇත.

ඒ කොන්දේසි පදනමින් සීමිත අරමුණක් සඳහා බවද මහ බැංකුව කියයි. මේ ගැන කරුණු පැහැදිලි කරන මහ බැංකුව මෙසේ ද පවසයි.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය, ‘‘බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප‍්‍රධාන සැලැස්මට’’ අන්තර්ග‍්‍රහණය කිරීමේ හැකියාව අධ්‍යයනය කිරීමේ අරමුණින්, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය ප‍්‍රකාරව, 2021 ඔක්තෝබර් 13 දින සිට බලපැවැත්වෙන පරිදි මාස 06 ක සීමිත කාලසීමාවක් සඳහා එම ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබා දෙමින් නියෝගයක් නිකුත් කරන ලදී.

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ කටයුතු තවදුරටත් කළමනාකරණය කිරීමට සහ ඉහත සඳහන් කි‍්‍රයාවලියට අදාළ කටයුතු ආරම්භ කිරීමට සහ පහසුකම් සැලසීමට මුදල් මණ්ඩලය මගින් පත්කරන ලද කළමනාකරණ මණ්ඩලය (කළමනාකරණ මණ්ඩලය) වෙත බලය පවරා ඇති අතර ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනයේ අධ්‍යක්‍ෂවරුන් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා සහ හෝ කළමනාකරණ මණ්ඩලය විසින් බලය පවරනු ලබන කාර්යයන් පමණක් ඉටුකරනු ඇත.

තවද ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය ඉහත සඳහන් ‘‘බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප‍්‍රධාන සැලැස්මට’’ අන්තර්ග‍්‍රහණය කිරීම හා සම්බන්ධ කටයුතු හැර කිසිදු ආකාරයක මූල්‍ය ව්‍යාපාර හෝ වෙනත් ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට එම ආයතනය වෙත අවසර දී නොමැති බව ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ. එබැවින්, ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී ආයතනය සමග පවත්නා ගිවිසුම්ගත බැඳීම්වලට අදාළ පියවීම් හැර එම ආයතනයේ මුදල් තැන්පත් කිරීම හෝ ආයතනය සමග වෙනත් කිසිදු ආකාරයකින් ව්‍යාපාර කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. මේ ගැන මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් (දුරකථන 0112477504) සහ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවෙන් (දුරකථන 0112477966) ද වැඩිදුර විමසිය හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment