ස්වර්ණ පුස්තක සම්මානයේ ප්‍රධාන අනුග්‍රාහකයා සම්පත් බැංකුව

103

ශ්‍රී ලාංකේය හැකියාවන් නිරන්තරයෙන් අගයමින් මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවන සම්පත් බැංකුව මෙවරද 2022 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් විය.

කියවීමෙන් පිරිපුන් පරපුරක් මෙරට බිහි කිරීමේ ජාතික වගකීමද පෙරදැරි කරගනිමින් සම්පත් බැංකුව ස්වර්ණ පුස්තක සම්මානය සඳහා මෙවර ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන්නේ 12 වසරක අඛණ්ඩ ස්වර්ණමය දායකත්වය සනිටුහන් කරමිනි. පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රශාලා පරිශ්‍රයේදී පැවති 2022 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂිකා (යෝජිත) අයෝධ්‍යා ඉද්දවෙල පෙරේරා මහත්මිය සහභාගී වූහ.

ශ්‍රී ලාංකේය සාහිත්‍ය සම්මාන උළෙලක ලබා දෙන ඉහළම ත්‍යාග මුදල හිමි කර දෙන ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේදී ජයග්‍රාහී නවකතාව වෙනුවෙන් රුපියල් 750,000ක මුදලක් ත්‍යාග ලෙස හිමි කර දෙන අතර අවසන් වටයට තේරුණු නවකතා පහක් වෙනුවෙන් රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාග හිමි කර දීම විශේෂත්වයකි. ඒ සඳහා පූර්ණ දායකත්වය සළසනු ලබන්නේ සම්පත් බැංකුවයි. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් 2007 වසරේ සිට සංවිධානය කරනු ලබන මෙම ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සෑම වසරකම කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබන අතර මෙවර සමරනු ලැබුවේ එහි 16 වන පියවරයි.

චන්ද්‍රරත්න බණ්ඩාර (2022 ස්වර්ණ පුස්තක ජයග්‍රාහක), තාරක රන්වල (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ඩිජිටල්කරණ, තැන්පතු ප්‍රවර්ධන හා අලෙවිකරණ – සම්පත් බැංකව), සුනිල් දිසානායක (ප්‍රධාන විධායක නිලධාරී – BMICH‍), යන මහත්වරුන් ඡායාරූපයේ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment