ස්වර ජ්වර මීසික් ෂෝ එක

310

එක්තරා වනාන්තරයෙක් මධ්‍යයේ වූ විශාල කොහොඹ රුකෙක් පාමුලට හැමදාම හැන්දෑවට දෙවනි පරම්පරාවේ නැත්තං සෙකන්ඞ් ජෙනරේෂන් එකේ එවුන් හත් අට දෙනෙක් රැස්වෙනවා. අලියෙකු, නරියෙකු, බූරුවෙකු, එළුවෙකු, ගොනෙකු, ඉබ්බෙකු, වඳුරකු හා උගුඩුවකු මේ ගැන්සියේ හැමදාම සෙට්වෙන යෞවනයෝ.

දවසක් හැන්දෑවේ එකතු වුණ මේ ගැන්සිය අමුතුම විදිහේ ටොපික් එකකට ඇන්ටර් වුණා.

‘හේයි… බලාපල්ලා මේ වනාන්තරයේ අනාගතය තමයි මේ විදිහට අද මෙතනට ඇන්ටර් වෙලා ඉන්නේ , වඳුරා අතු අගිස්සක එල්ලී ලවුඞ් වොයිස් එකෙන් කෑගැසුවා.

‘වැඩක් නෑනේ මචං තරුණ ශ‍්‍රමය නිකාාාාාං ෂක බ්ලාස් වෙනවා.

ගැන්සියේ සිටි බූරුවා මහත් කලකිරීමකින් කැගැහුවා.

‘මං කියන්නද මේ ඕල්ඞ් ගැන්සියට පෙන්නමු මේ යං ජෙනරේෂන් එක උන්ට වඩා කොච්චර ෆෝවර්ඞ් ද කියලා.’

‘කොහෙද බං අපි උන්ට වඩා ෆෝවර්ඞ් වෙන්නේ. උන් අපිට ඉස්සරහට යන්න දෙනවද… හැමදාම අපිට වෙලා තියෙන්නේ උන්ගේ බයිලා ටෝක්ස් අහගෙන උන්ගේ පස්සෙන් යන්න තමා’ බූරුවාගේ කතාවට ගොනා පොල්ල දැම්මා.

‘මං කියන්නද මේක හොඳට ඔලූවට දා ගනිල්ලා. ඕල්ඞ් මෑන්ස්ලා අපිට ඉස්සරහට යන්න පොල්ල දානවා නම්… අපි පෙන්නමු අපි උන්ට වඩා කොච්චර ෆෝවර්ඞ් ද කියලා.’

කොහොඹ ගහේ මුලට හේත්තුවක් දාගෙන හිටිය නරිසිංහ නොහොත් ස‘ඟාල පුත‍්‍ර යෝජනාවක් කළා.

‘මොකක්ද උඹේ සජෙෂන් එක, හපයක් අරඹමින් සිටි මයිගෝට් නොහොත් එලූසන් නොහොත් එළුවා ඇහුවා.

‘අපි ඕගනයිස් කරමු අපේ වැඩ පෙන්නන්න නියම මියුසිකල් ෂෝ එකක්.’

‘කොහෙද බං ඕවට කවුද සපෝට් එක දෙන්නේ. උඹලා හිතනවද ඔය සම්ප‍්‍රදාය ඔළුව උඩ තියන් ඉන්න නාකි යක්කු අපිට සපෝට් එකක් දෙයි කියලා.’

‘මෙහෙමනේ බං ඔය හමටයි නියපොතුවලටයි එක එක ක‍්‍රීම් ජාති හදන මල්ටි නැෂනල් කොම්පැණියක් අල්ලගම්මු අපේ වැඬේ ස්පොන්සර් කරන්න… උනුත් බලාගෙන ඉන්නේ මේ සම්ප‍්‍රදායික හම ගලවලා දාන්න… මොකද උන්ගේ ප්‍රොඩක්ෂන් විකුණ ගන්න තියෙන එකම බැරියර් එක තමයි මේ සම්ප‍්‍රදාය. උන්ට ඕනේ මේ සංස්කෘතික බැමි කඩලා බිඳලා දාලා මේ මෝඩ යක්කුන්ව ගිලගන්න… නිකං අපි අයිඩියා එක උන්ගේ ඔළුවට දැම්මොත් උඹ විශ්වාස කරපං… පැනලා දෙන්නේ, කෝටි ගණනක් උනත්් වියදම් කරයි.

‘හරියට හරි වෙරි ටෲ. වෙරි ටෲ.

ස්වර ජ්වර මීසික් ෂෝ එක

‘දැන් බලාපල්ලා මේ මියුසික් වැඬේ කරනවා නං… අපේ ගැන්සියේ උන්ට වැඩ පෙන්නන්න පුළුවන්නේ. දැන් අලිඛාන් නොහොත් ගජයා ට‍්‍රම්පට් එක ගහයි කෝමද දන්නවද ඔස්තාද්ලටත් කටඋත්තර නැතුව යන්න… ඈෂ්ලි ඉන්නවා ඕක්ටපෑඞ් එකට. බේස් ගිටාර් එකට ඉබ්සන් ඉන්නවා ඕබෝ එකට මේරේ මන්කී. ඕගන් එකට මයිගෝට් ඉන්නවා. තබ්ලාවට මණ්ඩුකයා. හාරිස් ඉන්නවා ඕනෑ භාණ්ඩෙකට. ඕගන් ද ෆ්ලූට් ද ඩ‍්‍රම් ද… ප්ලේ කරයි ඇට්ටි හැලෙන්න.

‘කවුද සිඟිංවලට…’

‘ඇයි මං ඉන්නවා… ඈෂ්ලි ඉන්නවා… පී ගැටියා… යකෝ සිංගර්ස්ලා ද නැත්තේ අපේ උන්ගෙන් බාගෙට බාගයක් සුපර් ස්ටාර්ස් ලා නේ.’

‘හරි… කෝ එතකොට ලිරික්ස් ගේය පද… පැත්තකට වෙලා හිටිය රැහැයියෙක් නරි සිංහගේ ටෝක්ස් එකට උදැල්ල දැම්මා…

‘ලිරික්ස්… ගේය පද. හෙහ් යකෝ අද පත්තරයක් ගනිල්ලකෝ ඔය තියෙන්නේ ඕන තරම් පදමාලා, නරිසිංහ මහත් උජාරුවෙන් කිව්වා.

‘මං නං දැකලා නෑ… ගේය පද පත්තරේ තියෙනවා.’

‘ගනිං… පත්තරයක්, හ්ම් බලාපං මේව ගේය පද නෙමේද… දොළහක් සජිත් පිලට, ටෙලි නළුවා කුඩුත් සමග දැලේ, සුපිරි බංගලාවක ගණිකා මඩමක්, ගමට සංවර්ධනය ගලා යයි කිරි ගොවියාට පිටරටින් හරක්. වැලි ගොව්වන්ට ටිපර් ගන්න ණය යෝජනා ක‍්‍රමයක්. කැලෑ කපන්නන්ට බුල්ඩෝසර් සහන මිලට. ටියුෂන් ගිය තරුණිය දූෂණය කරයි. හෙහ් මේවා ගේය පද නෙමේද.’

‘පේ‍්‍රම ගීත තමයි අද යංගර් ජෙනරේෂන් එකට ඕනේ.

‘බලපං දහ අට හැවිරිදි තරුණිය හැත්තෑ හැවිරිදි කෝටිපතියාත් සමග දීග යයි. ලැගුම් හලේ සිටි ජෝඩු දහයක් පොලීසිය අත්අඩංගුවට ගනී. ඔය තියෙන්නේ ගමකට ලව් ලිරික්ස්. නරිසිංහ තරුණ ගීත සාහිත්‍ය ගැන ගැඹුරු විග‍්‍රහයක් කළා’ ඕවා… ගේය පද නෙමේද.

‘ෂේහ් මාරයි රැප් කරලා දෙන්ඩ පුළුවන් ඇට්ටි හැලෙන්න, උගුඩුවකු සිය ප‍්‍රසාදය පළ කළා.

‘නරිසිංහ ඕවා ගේය පද නෙමෙයි ගාය පද… පැත්තකට වී සිටි අස්වින් නොහොත් අජානයා කිව්වා.

‘හරිනේ අද සින්දු ඕනේ ඔළුවට නෙමෙයි කකුල් දෙකට නේ. මල්ලී ඕවා නියමෙට නැගලා යයි… ගොනා නොහොත් වැහැප් එකඟත්වය පළ කළා.

කොහොම වුණත් මේ සාකච්ඡාවෙන් පස්සේ තරුණ ජවයේ බලය පෙන්වන අලූත්ම මීසික් ගෲප් එක ආරම්භ කරන්න තීරණය වුණා.

‘දැන් මොකක්ද ගෲප් එකේ නම?’

‘අපි දාමු ස්වර ජ්වර කියලා. ඉබ්සන් නමක් යෝජනා කළා.

‘ෂෙක් යකෝ ජ්වර කියන්නේ උණ රෝගයටනේ.

‘ඉතිං මේකත් උණක්නේ. ඒකනේ ගැම්ම මේක තාරුණ්‍යයේ උණ.

‘මාරයි ඉබ්සන්… මුළු ලෝකයටම පෙන්නන්න ඕනේ අපේ හැකියාව… තාරුණ්‍යයේ යථාර්ථවාදී දෘෂ්ටිය. අතිශයින්ම අර්ථාන්විත නමක් අපි මේකෙ ෆස්ට් ෂෝඑක ස්ටේජ් කරපුවාම සම්ප‍්‍රදායික සරිගමයින්ට තේරෙයි අපේ මීසික් වැඩ කිඩ.’

මහත් සේ අමන්දානන්දයට පත්ව සිටි වැහැප් තරුණයා යළිත් කියා සිටියා. කොහොම හරි මේ කාහල නාදය ස්ටේජ් එකට ගේන්න මල්ටිනැෂනල් විරේක පෙති සමාගමක් ස්පොන්සර් කළා. ඔවුන්ගේ තේමා පාඨය වූයේ ‘ළය විරේකයට බඩ විරේකයට රත්පිත් ගාය ඇති වැසිකිළි ඇති නැති සැමට සෙනෙහෙ කොළ සාරය අඩංගු අතුරු ආබාධ නැති අගස්ති පුලස්ති සෘෂීවරුන්ගේ පුස්කොළ පොත්වලින් උපුටා ගෙන නිෂ්පාදිත මෙම අගනා ඖෂධීය විරේක පෙත්ත ඔබට ගමනක් බිමනක් යද්දි වුවත් පහසුවෙන් පාවිච්චි කළ හැකියි’ යන්නයි

සින්දුවක් යනවා… වෙළෙඳ දැන්වීමක් යනවා එදා මේ සමාගම පැමිණ සිටි හැමට නොමිලේම එක් අයෙකුට විරේක පෙති දෙක බැගින් ලබා දුන්නා. වැඬේ නැගලා ගියා. කෙලින්ම සාරවිට කිට් එක දාලා ස්ටේජ් එකට ආපු නරිසිංහ රැප් කරලා දුන්නා කකුල්වලට නියම හයි බි‍්‍රඞ් සෝන්ග් එකක්. තරුණ පරම්පරාවේ එවුන් ගුල් පිට් වෙලා ගියා ෂුක්. හැම එකාම නටන්න පටන් ගත්තා. අලි නැටුම් ද කොටි නැටුම් ද නරි නැටුම් ද දැන් ග‍්‍රවුන්ඞ් එක පුරා හැම එකාම නටනවා.

‘මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ සැළළිහිණි ගිරා මලිති බටිති ?නක් අතරේ’ දඩි බිඩි ඩෝං…

මහ…. ගණ… වනන්…තරේ … ලොවෙ… ඈත කෙළවරේ

සැළලිහිණි… ගිරා… මලිති… බ…ටිති… ?…නක්… අතරේ… දඩි බිඩි ඩෝං.

කුෂ්… කුෂ්… කොකුෂුස්… කෝ සද්දේ. දෙන්ඩ… අත්දෙක උස්සලා ග‍්‍රෑන්ඞ් සද්දයක්.

ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා… ඉමි උඳුපියලිය පලස විලෂ වැතිරිලා හේයි… කෝ සද්දේ… මදි මදි දෙන්ඩ පැලෙන්ඩ සද්දේ හේයි හොප් හොප් රායිට් ඔය තියෙන්නේ… සසර් වසන් තුර් නිවන් දකින් තුර් පින් කෙතු රන් ධෙර…නේ හොයි හොප් හොප් රන් කෙත පොරි රඹට කැකිරි බණ්ඩි ගොයම කිණ්ඩි දානවා… දණ්ඩි පැටව් මණ්ඩි වතුරෙ උණ්ඩි දානවා… හොයි හොයි හොප් රම්පෙට පොරි… ති…සා වැවයි සීගිරියයි පිං… සසර් වසන් තුර්

දස දහස් ගණනක් විවිධ වයස් කාණ්ඩවල උන් මේ මීසික් ෂෝ එක බලන්න ඇවිත් හිටියා. තලතුනා සංගීත ලෝලී බූරුවෙකුගෙන් එතැනදී ජනමාධ්‍යවේදියෙක් මෙහෙම ප‍්‍රශ්නයක් ඇහුවා.

‘කොහොමද අංකල් මේ තරුණ සංගීතවේදීන්ගේ නැවුම් ප‍්‍රයත්නය…’

‘අනේ මංදා ළමයෝ අපේ කාලයේ නං ඕවාට කිව්වේ මොළේ මඤ්ඤං වුණ නරි හූ කියනවා කියලායි’ කිවූ තලතුනා බුරුවා තවත් යමක් නොකියා නිහඬ වුණා.

ආදර්ශය: තරුණයන්ගේ සංගීතයට වැඩිමහල්ලන් කියන්නේ මොළේ මඤ්ඤං වුණ නරි හූ කියනවා කියලායි!

සරත්චන්ද්‍ර පත්ත`ඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment