ස්වසන අපහසුතාවයට ලක්වූ පේරා සිසුවියන්

264


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවියන් පිරිසක් රැඳී සිටි පෞද්ගලික නේවාසිකාගාරයක ඇතිවූ හදිසි ගින්නකින් ස්වසන අපහසුතා සහිතව පේරාදෙණිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබූ සියලු සිසුවියන් රෝහලෙන් පිටව ගිය බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

හිඳගල ප්‍රදේශයේ පිහිටි මෙම නේවාසිකාගාරයේ එක් කාමරයක් මුළුමනින්ම පිළිස්සී තවත් කාමර දෙකකට දැඩි හානි සිදුව ඇත.
ගින්න ඇතිවන අවස්ථාවේ නේවාසිකාගාරයේ කාමර හයක් තුළ සිසුවියන් 23 දෙනෙකු නවාතැන් ගෙන සිට ඇති බව පොලීසිය පවසයි.
ගින්න 19 දා රාත්‍රී 7.30 ට පමණ ඇතිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment