ස්වාධීන අධිකරණ ක්‍රියාවලියට අතපෙවීම් එපා – ජනාධිපති ලේකම් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දන්වයි

183

රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශ්වකරුවන් වන අධිකරණ කටයුතු හෝ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් විසින් කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ නිලධාරීන් (මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන්) සමඟ සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී තිබේ.

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ඊයේ  (15 දා) ලිපියක් යොමු කරමින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

එම කරුණු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ ඞඞඪෂෂ වන පරිච්ඡේදයේ විධිවිධාන හා ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්තුව සමඟ පමණක් ලිපි ගනුදෙනු කිරීමට වගබලා ගත යුතුය.

ඉහත කරුණුවලට පරිබාහිර කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමඟ ලිපි ගනුදෙනු කරන්නේ නම්, එම ලිපි ගනුදෙනු ජනාධිපති කාර්යාලය හරහා පමණක් සිදුකළ යුතු වේ.

අධිකරණ අමාත්‍යාංශය හෝ වෙනත් රාජ්‍ය ආයතන විසින් තම විෂය පථයට අදාළව එදිනෙදා සාමාන්‍ය පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණ නිලධාරීන් සමඟ සිදුකරනු ලබන ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් හා අධිකරණ නිලධාරීන් සම්බන්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛ විධිවිධාන අදාළ නොවන බව ද ලිපියෙන් වැඩිදුරටත් දැනුම්දී ඇත.

චමින්ද සිල්වා සහ අකිත පෙර්රා

advertistmentadvertistment
advertistmentadvertistment