ස්වාධීන කොමිෂන් සභා කිහිපයකට නව සාමාජිකයින්

324


මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා කිහිපයක් සඳහා නව සාමාජිකයින් පත්කිරීමට නියමිතව ඇත.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මගින් එම පත්කිරීම් සිදුකිරීමට නියමිතය.

මේ සම්බන්ධව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 09.30ට රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේදී අවධානය යොමුකරනු ඇතැයි වාර්තාවේ.

අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව සඳහා මේවන විට සාමාජිකයින් 09 දෙනෙකු පත්කර අවසන්ය.

ප්‍රධාන විපක්ෂය නොවන සෙසු විපක්ෂයේ පක්ෂවල නියෝජිතයා පත්කිරීම සම්බන්ධයෙන් ද හෙට රැස්වන ව්‍යවස්ථාදායක සභාවේදී අවධානයට යොමු කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment