ස්වාධීන රූපවාහිනියේ අටේ කනිසමට එන මීනු

435

ඉරේෂ් ලොකුබණ්ඩාර අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම ටෙලි නාට්‍ය “මීනු” පසුගිය 08 වැනිදා සිට ස්වාධීන රූපවාහිනි නාලිකාව ඔස්සේ සිකුරාදා හැර සතියේ දිනවල රාත්‍රී 09.00 ට විකාශය වීම ඇරඹිණ. “මීනු” ෆාහීම් මවුජූඩ්ගේ නිෂ්පාදනයකි.

“වියැකුණා කිරි සුවඳ දුකකිනි” යන තේමාවෙන් මෙහි කතා ප්‍රස්තුතය නිර්මාණය වී ඇති අතර මීනුකි නමැති හය හතර නොදත් කුඩා දියණිය තම පියාගේ අසම්මත ප්‍රේමය නිසාවෙන් පිය සෙනෙහස අයදමින් මානසිකව පීඩා විඳින අයුරු ද සමල්ගේ අනියම් පෙම නිසාවෙන් භයානක ප්‍රතිවිපාකවලට මුහණ දෙන විවිධ මතගැටුම්වලට මැදිවන තරුණ බිරිඳක වන අසේකාගේ ඉරණම කෙසේ විසඳේවිද ? තම කුඩා දියණිය මිනුකිගේ කඳුළු දැක දැක තම ස්වාමියාවම යදින පෙම්බර බිරිඳගේ අඳෝනාවට කන්නොදී අලුත් පෙමක් සොයා යන පිරිමි හිතට සැනසුමක් ලැබේවිද? රෙහානා සමල්ගේත් අසේකාගේත් ආදරණීය පුංචි කැදැල්ල කඩා බිඳ දමයිද? නැද්ද? යන්න “මීනු” නැරඹීමෙන් ඔබට දැකගත හැකි බව අධ්‍යක්ෂ ඉරේෂ් පවසනවා.

නූතන සමාජයේ බහුතරයක් පවුල් ජීවිත තුළ අසන්නට දකින්නට ලැබෙන ජීවමාන කතාංගයේ ඉරණම අවසානයේ කෙසේ විසඳේවිද යන්නත්, සංවේදී, රසවත් මෙන්ම කුතුහලය දනවන ලෙසින් පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි මැද මාවතේ කතාංගයක් ලෙසින් “මීනු” නිර්මාණය කර ඇත. “මීනු” තිර රචනය කර තිබෙන්නේ ගයනි අසින්සලා වන අතර රෝහණ ධර්මකීර්තිගේ සංගීතයෙන්ද, කරූ බිබිලේගේ කලා අධ්‍යක්ෂණයෙන්ද හැඩ වූ “මීනු” හි ශලනි තාරකා, මේනක රාජපක්ෂ, සුජීව ප්‍රියල්, තෙනුකි සහ්සේයා (ළමා නිළි), සමාධි පෙරේරා, නිරෝෂන් විජේසිංහ, අවන්ති අපොන්සු, ලාල් කුලරත්න, රනිල් කුලසිංහ, පියුමි බොතේජු ඇතුළු තවත් නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් හැඩ වී ඇත.

  • පාරමී කෞෂිකා
advertistmentadvertistment
advertistmentadvertistment