ස්වාධීන වූ පක්ෂ එකතුව  අලුත් සන්ධානයක් හදනවා – විමල් කියයි

406

රටට හිතැති ඕනෑම අයකුට එක්විය හැකියි

ඉදිරියේදී එන දේශපාලන අභියෝග ජයගැනීමට පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්ෂ එකමුතුවෙන් නව නීත්‍යානුකූල දේශපාලන සන්ධානයක් ගොඩනගනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පෙරේදා (24 වැනිදා) රාත්‍රියේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ නායකයන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේය.

මේ පක්ෂවලට අමරතව රට ගැන සද්භාවයෙන් සිතන ඕනෑම පක්ෂයකට හා කණ්ඩායමකට නව සන්ධානය සමග එක් විය හැකි බවද එම සංවිධානයේ පක්ෂ නායකයෙක් පැවසීය.

නව සන්ධානයට බැසිල් රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිවෙක් එක් කර නොගන්නා බව පැවසූ එම පක්ෂ නායකයා මේ වනවිට රට පිළිගත් පිරිසිදු චරිත රැසක් එම සන්ධානය හා එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් ප්‍රකාශ කළේය.

පිහිටුවනු ලබන නව සන්ධානයට දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, විද්වත් සංවිධාන, ආගමික නායකයින් සහ අනෙකුත් සංවිධාන සමග ඉදිරියේ දී සාකච්ඡා ආරම්භ කරන බවත් ඒ අනුව ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මෙම නව සන්ධානය යටතේ තරග කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment