ස්විට්සර්ලන්තයට අමිහිරි පරාජයක්

233

අර්ධ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් තෝරාගැනීම නිමිත්තෙන් පැවති අවසාන තරගයේදී මෙවර තරගාවලියේ දෙවෙනි ඉහළම ජයග්‍රහණය වාර්තා කිරීමට පෘතුගාල කණ්ඩායම සමත් විය.

ස්විට්සර්ලන්තයට එරෙහිව පැවති එම තරගයේදී පෘතුගාලය ගෝල් 6-1ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

පෘතුගාල ප්‍රබල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩො එම තරගයේදී අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබීම ද විශේෂත්වයකි.

ඔහු වෙනුවට තරගයට ක්‍රීඩා කළ ගොන්සාලෝ රාමෝස් මෙවර තරගාවලියේ පළමු ගෝල් ත්‍රිත්වය හෙවත් හැට්ටි්‍රක් ගෝල් දස්කම ප්‍රදර්ශනය කිරීමට සමත් වූයේය.

ස්විට්සර්ලන්තය මෙවර තරගාවලියේ ‘ජී’ කාණ්ඩය යටතේ තරග වැදී අවසන් කණ්ඩායම් 16ට පිවිසියේය.

advertistmentadvertistment
advertistmentadvertistment