ස්විට්සර්ලන්තයේ කෝපි නිෂ්පාදනාගාරයක් වෙත යැවූ කෝපි ඇට බෑග්වල කොකේන්

267

ස්විට්සර්ලන්තයේ කෝපි නිපදවන කර්මාන්තශාලාවක් වෙත යවන ලද කෝපි ඇට තොගයක් තුළ සඟවා තිබූ කොකේන් කිලෝ ග්‍රෑම් 500ක් සොයා ගැනීමට ස්විට්සර්ලන්ත පොලිසියට හැකි වී තිබේ. ස්විට්සර්ලන්තයේ රෝමොන්ට් නගරයේ පිහිටි ‘නෙස්ප්‍රේසෝ. නමැති කෝපි නිෂ්පාදනාගාරය වෙත යවා ඇති කෝපි ඇට බෑග් තුළ සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇත.

පොලිසිය පසුව කන්ටේනර් පහක තිබී තවත් කොකේන් තොගයක් සොයාගෙන ඇති අතර මෙම කොකේන් බ්‍රසීලයේ සිට එවා ඇති බව අනාවරණය කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති ‘නෙස්ප්‍රේසෝ’ කෝපි නිෂ්පාදනාගාරය පවසා ඇත්තේ තමන් නිපදවන කෝපි නිෂ්පාදනයන් තුළ මෙම කොකේන් අන්තර්ගත නොවන බවයි. සොයාගෙන ඇති කොකේන් තොගය සියයට 80ක් පිරිසිදු වන බවත් එම තොගයේ වටිනාකම යුරෝ මිලියන 50ක් වන බවත් ස්විස් බලධාරීහු පවසති.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment