ස්විට්සර්ලන්තයේ සිට මෙරටට සෘජු ගුවන් සේවා අරඹමින්
ප්‍රථම ගුවන් යානය කටුනායකට

168

ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (11දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් සේවාව ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. ඊඩල්වයිස් ගුවන් සේවයේ ඩබ්ලිව්. කේ. 068 දරන පළමු ගුවන් යානය 10 දින දහවල් 12.20 ට ස්විට්සර්ලන්තයේ සුරීච් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. මෙම ගුවන් යානය තුළ එරට සංචාරක ගුවන් මගීන් 125 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිටියහ. මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ගුවන් තොටුපළේ දී මෙම ගුවන් මගීන් ඉතා උසස් ආකාරයෙන් පිළිගැනීම සිදු කෙරිණි. මෙම ගුවන් සේවය සතියකට වරක් මෙතැන් සිට ස්විට්සර්ලන්තයේ සුරීච් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment