ස්විස්ටර්ලන්තයේ ස්ථාන 50ක මැයි දින කලබල

345

බාසල් නගරයේ බැංකු දෙකකටත් ප්‍රහාර

ස්විස්ටර්ලන්තයේ ස්ථාන 50කදී 12,000 කට අධික ජනතාවක් විරෝධතාවල නිරත වී ඇත.නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නය සහ දේශගුණය රැක ගැනීම යන කරුණු මෙම විරෝධතාවලට මුල් වී තිබේ. බාසල් නගරයේ පමණක් 1500ක විරෝධතාකරුවන්ගේ විරෝධතාවයක් පවත්වා ඇත. එම නගරයේ පිහිටි යූ. බී. එස්. සහ ක්‍රෙඩිට් සුයිසේ නමැති බැංකු දෙකකට ප්‍රහාර එල්ල වී තිබේ. ස්විස් පොලිසිය විරෝධතාකරුවන් මර්දනය සඳහා කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිතා කර ඇත. වැඩි වැටුප් සහ සතුටුදායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබාදෙන ලෙසද විරෝධතාකරුවෝ රජයෙන් ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment