ස්වීඩනයේ ප‍්‍රථම අගමැතිනිය ධුරයට පත්වී පැය කිහිපයකින් ඉල්ලා අස්වෙයි

534

ස්වීඩනයේ ප‍්‍රථම අගමැතිනිය වන මැග්ඩලේනා ඇන්ඩර්සන් අගමැති ධුරයට පත් වී පැය කිහිපයකට පසු තනතුරින් ඉල්ලා අස් වී තිබේ. මහ මැතිවරණයෙන් ජය ගැනීමෙන් පසු පිහිටුවූ සභාග රජයේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂය රජයෙන් ඉවත්වීම හා සිය මංගල අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නොහැකි වීම යන සාධක මත අගමැතිනි ඇන්ඩර්සන් මෙසේ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

පැවති මහ මැතිවරණයේදී ස්වීඩනයේ දේශපාලන ඉතිහාසයේ ප‍්‍රථම වතාවට

මැග්ඩලේනා ඇන්ඩර්සන් ඉකුත් බදාදා ස්වීඩනයේ ප‍්‍රථම අගමැතිනිය ලෙස තේරී පත් වූ අතර ඇය තරග කළ සමාජවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හා එක්ව

සභාග රජයක් පිහිටුවීමට කටයුතු කළ ග‍්‍රීන්ස් පක්ෂය නව රජය දක්ෂිණාංශික පක්ෂ හා එක්ව සකස් කළ අයවැය පිළිගත නොහැකි බව පවසමින් රජයෙන් ඉවත් වීම නිසා අගමැති ධුරයෙන් ඉවත් වීමට සිදු විය. ග‍්‍රීන්ස් පක්ෂය නව රජයෙන් ඉවත් වීමත් වීමත් සමගම ඇති වූ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් විපක්ෂය සංක‍්‍රමණික විරෝධී දක්ෂිණාංශික පක්ෂයේ සහාය ඇතිව ඉදිරිපත් කළ නව අය වැය පාර්ලිමේන්තුවේ වැඩි ජන්දයෙන් සම්මත වී තිබේ. ස්වීඩනයේ ව්‍යවස්ථාවට අනුව සභාග රජයක එක් පක්ෂයක් ඉවත් වූ විට එම රජය ඉල්ලා අස් විය යුතුය. ධුරයෙන් ඉල්ලා අස් වූ බව කථානායකවරයා වෙත දැනුම් දී ඇති අගමැතිනිය තමා නැවත තනි පක්ෂ රජයක නායිකාව ලෙස අගමැති ධුරයට පත් වීමට උත්සාහ දරන බව පවසා තිබේ.

විදෙස් පුවත් සංස්කරණය
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment