ස්වේච්ඡා සේවයෙන් රට නැවත ගොඩනැගීම

365

ශ්‍රී ලාංකිකයන් ස්වේච්ඡා සේවය පිළිබඳ සංකල්පයට නවකයින් නොවන අතර, ස්වේච්ඡා සේවය ප්‍රසිද්ධ සංකල්පයක් වීමටත් පෙර අපේ මුතුන් මිත්තන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇත. එකිනෙකාට උදව් කිරීමේ වැදගත්කම, පරිත්‍යාග කිරීමේ වැදගත්කම, බෙදාගැනීමේ වැදගත්කම, කුඩා කාලයේ සිටම අපට උගන්වා ඇත. ඉතින්, බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මෙය අලුත් දෙයක් නොවේ. ඔවුන් ඉතා කුඩා කාලයේ සිට ස්වේච්ඡා සේවයේ යෙදී සිටී.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ සංස්කෘතිය, සාහිත්‍යය, වෙහෙර විහාර, වැව්, පොකුණු, දාගැබ් දියුණුවෙන් දියුණුවට පත් වී අප පෙරදිග ධාන්‍යාගාරයට පත් වූයේ අපගේ පරාර්ථකාමී ස්වේච්ඡා සේවය නිසාය. අප වසර දහස් ගණනක් මහත් අභිමානවත් ජාතියක් වශයෙන් ජීවත් වූයේ ස්වේච්ඡා සේවය පිළිබඳ කිසිම ශාස්ත්‍රීය අවබෝධයක් නැති, නමුත් මෛත්‍රී සිතැති, කරුණාවන්ත බෞද්ධ ධර්මයෙන් පෝෂණය වූ ජාතියක් නිසාය.

නමුත් අද අප දුප්පත්කමින් පිරුණු දුප්පත්කමින් සහ ආකල්ප වන බිඳවැටුණු ජාතියක් වූයේ ඒ අපේ සාරධර්ම පිරිහුණු ජාතියක් බවට පත්වෙමිනි.

ස්වේච්ඡා සේවය සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයයි.

මෙය අවබෝධ කර ගනිමින් ස්වේච්ඡා සේවය කිසි ලෙසකින්වත් බිම් මට්ටමේ ව්‍යාපාරයක් ලෙස පමණක් සැලකිය යුතු නොවේ. විශේෂයෙන් වර්තමානයේ පවතින අභියෝගාත්මක වකවානුවේ ස්වේච්ඡා සේවය රට නංවාලීමට ප්‍රවර්ධනය කළ යුතුය. ස්වේච්ඡා සේවය සමාජ-ආර්ථික සංවර්ධන කාර්යයේ අත්‍යවශ්‍ය දායකත්වයක් සපයන අතර සාමකාමී, ප්‍රීතිමත් සහ නිරෝගිමත් ජාතියක් ගොඩනැගීමට මහත් ශක්තියක් වේ. මෙය නොයෙකුත් සමීක්ෂණවලින් හෙළිදරව් වී ඇත. යහපත් අනාගතයක් හැඩගැස්වීම සඳහා ස්වේච්ඡා වැඩසටහන් උපයෝගී කර ගැනීම සඳහා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම වැදගත් කාර්යභාරයක් ඇත.

ස්වේච්ඡා සේවකයන් ස්වකීය දැනුම, කුසලතා, දක්ෂතා, අත්දැකීම්, සම්පත්, මුදල් මෙන්ම අපගේ ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා තම කාලය කැප කිරීමට කැමති, පරාර්ථකාමී, සැලකිලිමත් පුද්ගලයන් වේ. අපේ සමාජයේ ඕනෑම කෙනෙකුට ස්වේච්ඡා සේවකයකු විය හැකිය. එය ගැමියකු, ගොවියකු, පූජකයකු හෝ වෘත්තිකයන් හෝ ගුරුවරයකු විය හැකිය. ස්වේච්ඡා සේවයට ඒ සඳහා ජාති ආගම් කුල භේද වැනි සීමා මායිම් නොමැති අතර එබැවින් සෑම කෙනෙකුටම එයට සහභාගි විය හැකිය.

World Giving Index 2013 ශ්‍රී ලංකාව ස්වේච්ඡා සේවයට සහභාගී වන හොඳම රටවල් 10 අතරට ශ්‍රේණිගත කර ඇත. නමුත් 2022 වසරේදී අපි 40 වැනි තැනට ශ්‍රේණිගත කිරීම විශාල පසුබෑමකි.

දැනටත් ස්වේච්ඡා සේවයේ යෙදී සිටින බහුතරයක් නායකයින් සේම, කාරක /මණ්ඩලවල තම වගවීම සහ වගකීම තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවකි.

එසේම ස්වේච්ඡා නායකයින් බහුතරයකට පහත සඳහන් කරුණු ගැන අවබෝධයක් නැත.

අප මෙම සංවිධානයේ සිටින්නේ මන්ද?

අපි මොනවද කරන්නේ?

අපි කැමැත්තෙන් සහ අභිමානයෙන් දායක වෙනවාද?

ඉහත සඳහන් කරුණු සේම, ස්වේච්ඡා ක්‍රියාකාරකම්වලට සම්බන්ධවීම පිළිබඳව මහජනයා තුළ ඇති උනන්දුව පහළ යාමත් සමග, ස්වේච්ඡා සේවකයින්ට සහභාගි විය හැකි අවස්ථාවන් ද ඒ හා සමානව ඉහළ යාම නිසා, ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ ස්වේච්ඡා සේවය සඳහා ජාතික උපාය මාර්ගයක් හඳුන්වා දීම දැඩි අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

මෙම ජාතික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගේ සහාය ලබා ගත යුතුය.

ඒ අනුව පොදු මහජනතාව, වෘත්තිකයන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධාන සහ පෞද්ගලික අංශයේ ආයතනවල උපදේශකත්වය මත ඉතා ඉක්මනින් කළ යුතු කාර්යයකි. ස්වේච්ඡා සේවය සඳහා වන ජාතික උපායමාර්ගය ශ්‍රී ලංකාව පුරා සිටින මිලියන සංඛ්‍යාත ස්වේච්ඡා සේවකයන් වෙනුවෙන් ශ්‍රී ලංකාව සාමකාමී සහ ප්‍රීතිමත් ස්ථානයක් බවට පත් කිරීමට දායක වේ.

ස්වේච්ඡා සේවකයන් වෙනස් කිරීමේ නියෝජිතයන් (change agents) වන අතර, ඔවුන් තිරසාර සංවර්ධන ඉලක්ක ප්‍රගතිය බලමුළු ගැන්වීම සහ පෘථිවිය සුරැකීම ජාතියට මහඟු ශක්තියක් වේ. ඔවුන් පාසල් සහ තරුණයන්ට මහත් ආදර්ශයක් වේ. ස්වේච්ඡා වැඩසටහන් මගින් 21 වන ශතවර්ෂයේ කුසලතා වර්ධනය වැඩි කළ හැකි අතර, අප රට මෑත ඉතිහාසයේ කිසිදා අත්විඳ නැති දැවෙන අභියෝගවලට විසඳුමේ කොටසක් වීමට තරුණයින්ට අවස්ථාව ලබා දේ.

ශ්‍රී ලංකාවේ දැක්ම 2030 හි එක් අරමුණක් විය යුත්තේ, දශකය අවසන් වන විට 40% ස්වේච්ඡා සේවකයන් සිටීමයි. වඩා හොඳ කිරීමට ඇති ආශාව උපයෝගී කර ගනිමින්, ඊළඟ පරම්පරාව දිරිමත් කළ යුතු අතර ඔවුන්ගේ ප්‍රජාවන් වැඩිදියුණු කිරීමට අවස්ථා ලබා දිය යුතුය.

එසේම ස්වේච්ඡා සේවකයන්ට ඔවුන්ගේම සමාජය තුළ හිමිකාරිත්වය පිළිබඳ හැඟීමක් ලබා ගැනීමට ඉඩ දීමෙන්, ප්‍රජාවන් සමීප කරවන අතර සාමූහික ස්වේච්ඡා ක්‍රියාකාරකමට මඟ පාදයි. දේශීය අභියෝගවලට දේශීය විසඳුම් සොයා ගත හැකිය.

තවද, ස්වේච්ඡා සේවය විවිධ කුසලතා සඳහා වැඩි ප්‍රවේශයක් ලබා දෙන අතර, එය අවසානයේ පුද්ගලයාට සහ රටට ප්‍රයෝජනවත් වේ. විවිධ පසුබිම්වල පුද්ගලයින් සමඟ වැඩ කිරීම, තරුණයින්ට විශ්වාසය ගොඩනඟා ගැනීමට මෙන්ම නව තාක්ෂණික හා සන්නිවේදන කුසලතා ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දේ. මෙය අවසානයේ ඔවුන් ශ්‍රම බලකායට බැඳීමට සූදානම් වන අතර, ඔවුන්ගේම අනාගතය හැඩගස්වා, ඔවුන්ගේ ප්‍රාදේශීය ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා වැඩ කිරීමට ඔවුන් තුළ ආශාවක් ඇති කරයි.

එසේම විශේෂයෙන්ම X (1965 – 1980), Y(1981 – 1996) , Z (1997 – 2012) උපත ලැබූ අය වෙනස් විදියකට හිතන සහ ක්‍රියාකරන පරම්පරාවන් බැවින්, ඔවුන් ස්වේච්ඡා සඳහා වූ දිරි ගැන්වීමේ වගකීම රජය සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් භාරගත යුතු වේ. අප රටේ සැබෑ ප්‍රශ්න විසඳීමට ඔවුන්ට දැඩි ධෛර්යය ලබාදිය යුතුයි.

ස්වේච්ඡා සේවකයෙකු වීමන් බොහෝ පුද්ගල වාසි ඇත.

● දයානුකම්පාව කරුණාව, සහවේදනය සහ සමානාත්මතාවය වර්ධනය වීම

● නායකත්ව කුසලතා, මානසික හා ශාරීරික සෞඛ්‍යය සහ චිත්තවේගීය බුද්ධිය වැඩි දියුණු කිරීම.

● පිරිහී ඇති ආකල්ප සහ සාරධර්ම ගොඩනැගීම පිරිහී ඇති වැඩි සන්තෝෂයකට මඟ පාදයි

● ජීවිතය පිළිබඳ තෘප්තිමත් හැඟීම වැඩි කරයි

● රටේ නොයෙකුත් දේ නොමිලේ ලබාගත් පුරවැසියන්, ණයකාරයන් නොවී අභිමානවත් පුරවැසියෙක් වීම ලෙස ජීවත් වීම

පවුල්වල, පාසල්වල, ආයතනික කාර්යාල ඇතුළු සියලු ආයතනවලින් ස්වේච්ඡා සේවය දිරිමත් කර අප රට නැවත වරක් පෙරදිග ධාන්‍යාගාරය, ආසියාවේ ආශ්චර්යය, ආසියාවේ මුතු ඇටය බවට පත්කරමු.

එක්වෙමු, අපගේ පොදු අනාගතය සඳහා ප්‍රමාද නොවී අපි දැන්ම ස්වේච්ඡා සේවයට ඉදිරිපත් වෙමු.

ස්වේච්ඡා සේවයෙන් රට නැවත ගොඩනැගීම

ලලිත් ද සිල්වා
සභාපති, විද්‍යාලංකාර මහා සභාව
සභාපති, මිතුරු මිතුරෝ සංසදය
හිටපු ප්‍රධාන විධායක ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය

advertistmentadvertistment
advertistmentadvertistment