ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අයිඑම්එෆ් සම්බන්ධ වන සංකීර්ණ යාන්ත්‍රණයක්!

66

මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ

වර්තමාන අභියෝග ජය ගැනීමට, නිර්මාණයට සහාය වන ආර්ථිකයන් පෝෂණය කිරීමට රටවලට හැකි වන පරිදි, රාජ්‍ය ණය සහ එහි ප්‍රතිපත්ති පිළිබඳ අපගේ ඉදිරි දර්ශනය වෙනස් කිරීමට කාලය එළැඹ ඇති බව නිව්යෝර්ක් හි පැවති ආර්ථික හා සමාජ කවුන්සිලයේ (ECOSOC) මණ්ඩලයට සහභාගී වෙමින් මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ධනය සහ තිරසාර සංවර්ධනය සැබෑ බහුපාර්ශ්විකත්ව අරමුණු තුළ සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට ඇතුළත් කිරීම, සහයෝගීතාව සහ උපදේශන පදනම මත ලෝක ජනතාවගේ අභියෝගවලට විසඳුම් ලබාදීමේ අරමුණින් සහයෝගීතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් මෙය සිදු කළ යුතු වන බව ද රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.

‘ස්වෛරී ණය ක්‍රමවේදයේ පවතින දුර්වලතා ආමන්ත්‍රණය කිරීම මගින් ණය තිරසාරභාවය වර්ධනය කිරීම’ පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ජාතික රජය, ජාත්‍යන්තර ණය හිමියන් සහ විවිධ තෙවන පාර්ශවයන් සහ ප්‍රධාන වශයෙන් අයිඑම්එෆ් සම්බන්ධ වන සංකීර්ණ යාන්ත්‍රණයක් බවයි.

ඔහු එම මණ්ඩලය අමතමින්, සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට අභියෝගවලට මුහුණ දීමේ හැකියාව ඉලක්ක කරගත් රාජ්‍ය ණය ප්‍රතිපත්ති පිළිබඳ ඉදිරි දර්ශනය වෙනස් කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළේය.

තවද, මෙම අවස්ථාවට සහභාගී වූ රාජ්‍ය ඇමැතිවරයා සංවර්ධනය සඳහා වූ මූල්‍ය සංසදයට සමගාමීව, චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ සභාපති ලියු සාඕහී මහතා හමුවිය. ශ්‍රී ලංකා – චීන ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ ඉදිරි මාර්ග පිළිබඳව ඔවුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment