ස්‌කොට්‌ලන්තයෙනුත් පොලිස්‌ කැපිල්ලක්‌

203

වසර 11ක කාලයක සිට ස්කොට්ලන්ත පොලිසිය විසින් ශ‍්‍රී ලංකා පොලිසියට ලබාදුන් පුහුණුව අත්හිටුවා ඇත.

කොටි හිතවාදී බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 17 දෙනෙකු සහ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ශ‍්‍රී ලංකා පොලිසිය බරපතළ ලෙස මානව හිමිකම උල්ලංඝනය කරන බවත් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ගෙනගොස් වෙඩි තබා මරා දමන බවටත් මොවුන් ස්කොට් පාර්ලිමේන්තුවටද තොරතුරු ඉදිරිපත් කර තිබුණි.

ස්කොට්ලන්ත මාධ්‍ය වාර්තාකර ඇත්තේ ශ‍්‍රී ලංකා පොලිසියට එරෙහිව පැමිණිලි 4100ක් ස්කොට් බලධාරීන්ට ඉදිරිපත්ව තිබූ බවය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment