සාකච්ඡාවට එන්න ඩයස්පෝරාවෙන් කොන්දේසියක්

415

අභ්‍යන්තර යාන්ත‍්‍රණයක් සඳහා සාකච්ඡාවකට එන ලෙස ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වන කොටි ඩයස්පෝරාව 30/1 ජිනීවා යෝජනාව මුළුමනින්ම ක‍්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

ලන්ඩන් නුවර ද්‍රවිඩ ආරංචිමාර්ග පැවසුවේ ජනපති කළ ඇරයුම ගැන ඩයස්පෝරාව බියට පත්වී ඇත්තේ යුද අපරාධ බොරු සාක්‍ෂි 1,20,000 ක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට ඉදිරිපත් කර තිබීම නිසා අභ්‍යන්තර යාන්ත‍්‍රණයකින් එම බොරුව හෙළිවන නිසාය.

ඩයස්පෝරාවේ පැවැත්ම ර`දා පවතින්නේ ශ‍්‍රී ලංකාවට එරෙහි විරෝධතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්කරන පැමිණිලි මතය. මේ නිසා ඔවුන් අභ්‍යන්තර යාන්ත‍්‍රණයකට කැමැති නැතැයි එම ආරංචිමාර්ග පැවසීය.

මේ අතර ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියද 30/1 ජිනීවා යෝජනාවට එක්වන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment